IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 245 ක් දක්වා තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයත් සමග චීන විදේශ කටයුතු අමාත්‍යාංශයද ඊට පිළිතුරු ලබාදුන් අතර වෙළෙඳ යුද්ධයකදී ඇමෙරිකාව සමග සටන් කිරීමට චීනය කිසිසේත් බිය නොවන බව පැවැසුවේය.

ඇමෙරිකාවට සංවාදයක් ඔස්සේ මෙම ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය නම් මෙවැනි ක්‍රියා සිදු නොකර සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

එසේම ඇමෙරිකාව චීනයට පනවා ඇති තීරු බදු ප්‍රතිශත පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

එයට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ චීනයට එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය නම් පළමුව සාකච්ඡා මේසයට පැමිණිය යුත්තේ චීනය බවයි.

 



අදහස් (3)

ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි

Akila Thursday, 17 April 2025 09:31 AM

ඔන්න චීනේ ලෝක ප්‍රසිද්ධ (මෙච්චර කල් චිනේ හදලා ඇමරිකාවේ ප්‍රසිද්ධ ලේබල් සහිත සමාගම් වලට යවපු) ලක්ෂරි බ්‍රෑන්ඩ් ඔක්කෝම 100 ගුණයක් විතර අඩුවෙන් කුණු කොල්ලෙට දෙනවා. එකම කොන්දේසිය චීනෙට ඇවිල්ලා ගන්නවා නම් විතරයි. ඒ අතරේ ලංකාවේ ගාමන්ට් වලින් ඇමරිකාවට යවන වික්ටෝරියා සීක්රට් අයිතමත් තියනවා. මේක ඒ සමාගමේ සෙල් වලටත් ලංකාවේ ගාමන්ට් වලටත් ප්‍රශ්නයක් වෙයි නේද?

:       0       0

Dilan Thursday, 17 April 2025 09:53 AM

මේක ඇත්තක් නෙවෙයි.

:       0       0

fairoosmr Thursday, 17 April 2025 11:21 AM

ලංකාවේ නන්දසේන වගේ තමයි ට්‍රම්ප් නිකන් විහිලු සපයනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site