(රංජන් කස්තුරි)
ඇමරිකානු හමුදාවන්ට රටතුළට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට හෝ ඉඩ නොතබන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
ඇමරිකාව සමඟ හෝ වෙනත් කිසිදූ රටක් සමඟ හෝ රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට රජය කටයුතු නොකරන බවද රුවන් විජයවර්ධන මහතා කීය.
ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා එසේ කීවේ කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (04) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රුවන් විජයවර්ධන මහතාගේ එම විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
"ඒකාබද්ධ විපක්ෂයත් යම්කිසි පිරිසකුත් රජයට අලුත් චෝදනාවක් ඉදිරිපත් කරනවා.ආණ්ඩුව ඇමරිකාව සමඟ හොර ගිවිසුමකට එළඹී තිබෙන බවත් ඔවුන් කියනවා.
ආණ්ඩුව එවැනි හොර ගිවිසුමකට එළැඹී නැහැ.ඉදිරියේදී රටට අහිතකර ගිවිසුම්වලට එකඟවන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
අපේ ආණ්ඩුව මේ වගේ ගිවිසුම් වලට අත්සන් කරන්න සූදානම් නැහැ.කිසිසේත් ඇමරිකානු හමුදාවට රටට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට ඉඩ තබන්නේ නැහැ.
ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවානම් එවැන්නක් කරන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා විසින් කෙසේ වෙතත් මා නැවත සඳහන් කරන්නේ එවැනි කිසිඳු ගිවිසුමකට අපි අත්සන් කරන්නේ නැහැ" ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයාට කියලනේ ඕවා සිද්ධ වෙන්නේ...
දැන් නිකන් බොරු කියවල වැඩක් නැහැ. ගිවිසුමේ සියලු වගන්ති පත්තරේ පල වුණා. එ්ක කියවන ඕනෙම කෙනෙක්ට තේරෙනවා මෙයාලා අත්සන් කරන්න ගියේ මොන තරම් භයානක ගිවිසුමක්ද කියලා... මංගල හමුදාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සලේ ගිවිසුම අත්සන් කලේ ඔබතුමාගෙන් අහලද? මේවා දේශද්‍රෝහී ක්‍රියා මේවා කරපු අයව අත්අඩංගුවට ගන්න ඕනේ...
ලෝක පච තමයි ..
අන්න එහෙම කස කරකවලා ලකුණු දාගන්නකෝ... එහෙම නැතුව කොහොමද ඉස්සරහට කරඬුව වඩම්මන්නේ?
මාධ්‍යට පින් සිද්ද වෙන්න මේක එලියට අවා.
හලෝ "සෝෆා " ගිවිසුම ගැන විරුද්ද පක්ෂය කතා කලේ මාස ගණනකට ඉස්සෙල්ලා දැන්ද ඔහෙට මතක් උනේ කිසිදූ රටක් සමඟ රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට රජය කටයුතු නොකරන බව කියන්න.
1975 සිරිමා රජයට විරුද්ධව ඇතිවූ කොටි යුද්ධය 1977දී ජේ.ආර් බලය ගත් වහාම නැතිකර විවෘත ආර්ථිකය හදා ලෝක ධනවතුන් ගෙන්වා නිදහස් වෙළඳ කලාප හදා රට සීඝ්‍රව දියුණු කරද්දී 1983දී ඒකාධිපති ජනපති ක්‍රමය හා විවෘත ආර්ථිකය එපා කියමින් එජාප විරෝධීන් කළු ජුලිය ඇතිකර නැවත කොටි යුද්ධය මතු නොකළා නම් ශ්‍රී ලංකාව අද ඉතා දියුණු රටක්... ජේ.ආර්. විධායක ජනපති ක්‍රමය හැදුවේ එදා ඔහුට විරුද්ධව පැවැති බලවේග 6ක් මර්ධනය කර එසේ රට දියුණු කරන්නයි. එජාප විරෝධීන් ජේ.ආර්. ගේ ජනපති ක්‍රමය හා විවෘත ආර්ථිකය පට්ටගහමින් ඒකාධිපති ජනපති අහෝසි කිරීමට පොරොන්දු වී ජනවරම ලබා බලයට පත්ව ජනපති බලතල තවත් වැඩි කරගනිමින් බලලෝභයෙන් ක්‍රියා කරද්දී වත්මන් ජනපතිද විධායක බලය අහෝසි කර පදවියෙන්ද ඉවත්වන බවට පොරොන්දුදී එජාපයේ පූර්ණ සහයෙන් බලයට පත්ව තම පක්ෂයේ පරාජිතයින්ටත් ඇමතිකම්දී එජාපයට පහර ගසමින් බලලෝභයෙන් පිස්සු කෙළිමින් අගමැතිත් එලවා දැමූ වේලෙයි එයාගේ කැමැත්තෙන්ම එයාගේ බලය 98%ක් රනිල් අහෝසිකරලා කියලා දැනගත්තේ... ඇමරිකන් හමුදාව රටට ගේනවා කියා බිල්ලෝ මවන්නෙත් එසේ ජනපති ක්‍රමය හා විවෘත ආර්ථිකය පට්ට ගහමින් බිල්ලෝ මවපු අයමනේ... දැන් මෙයාලට රැවටෙන්නේ නැත...
ඔබතුමා ආරක්ෂක ලේබලය ගහගෙන පඩිගන්න නිකම් නිකම් කෙනෙක්. මෙතෙක් කල් රටේ ආරක්ෂාවට මොනවාද ඔබ කරලා තියෙන්නේ?
එදා එජාපය විධායක ජනපති හා විවෘත ආර්ථිකය ගෙනෙත්දී එපා කියලා බිල්ලෝ මවලා පට්ට කතා කියපු අද එජාපය ජනපති ක්‍රමය අහෝසික්රත්දී එය නැතුවම් බෑ කියන අයනේ මේ ඇමරිකන් බිල්ලත් මවන්නේ නේද?