(යොහාන් භාසුර)
ඇමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ෆිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තීරණය කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව තාවකාලික තරග තහනමක් තීරණය කර තිබේ.
සිම්බාබ්වේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවති තරගයේදී කයිල් ෆිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යැයි තරග තීරකවරයා පැමිණිළි කර තිබේ.
දකුණතින් වේග පන්දු යවන 26 හැවිරිදි කයිල් ෆිලිප් එම තරගයේදී කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd