





(ළහිරු හර්ෂණ)
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් අද(27) ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවක් කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
විරෝධතාවයේ නිරතවීමෙ අනතුරුව විරෝධතාකරුවෝ තානාපති කාර්යාලය වෙත ලිපියක්ද බාරදෙනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලෙ චීන නියෝජිතයෝ ලංකාවට එනකොට මෙ රිලව් ටික කොහෙද හිටියේ?
ජවිපෙ විරෝධයය දැක්වීමට පැමිණි පිරිසට වඩා වැඩි පිරිසක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සමග ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ජවිපෙ විරෝධය නොදක්වන, අකමැති කිසිදු දෙයක් ලංකාවේ සිදුකිරීමට නොහැකිද ? කෙසේ නමුත් ඔවුන්ගේ අය ඇමරිකාවේ සහ යුරෝපිය රටවල යහතින් ජිවත් වෙති. ප්‍රතිපත්තියක් නොමැති 3% පක්ෂය ක් වී ඇත්තේ එම නිසාවෙනි. ජවිපෙ පක්ෂයේ සද්දය හැර වෙන කිසිවක් නොමැත
මෙතෙක් කල් "හැම දේටම එපා, එපා ,දියව්, දීයව්" කියමින් මිනිසුන්ගේ කාලය කාදමන මේ රැල "අවශ්‍ය දෙයකට" විරෝධය දැක්වුවත් මිනිසුන් තබ ශතෙකට ගණන් ගන්නේ නැති බව තාමත් මේ රැලට නොතේරීම කනගාටුවකි.... මගේ අම්මෝ ....ඇහුවොත් නම් දැනුම පිලිබදව අර උපාධි මේ උපාධි අර දොස්තර මේ කොන්දොස්තර....
ප්ලෙන්ටියෙ කුණාටුව....
මේ ආණ්ඩුව ලංකාව ඇමරිකාවට විකුනන්න යන එක එයාලා ආවම මොකද වෙන්නේ ළමයිනේ.
තව අවුරුදු 2කින් ඇමරිකාවේ කොලනියක් වේවිදෝ මන්දා.
දේශප්‍රේමී විමල් වීරවංශ මහත්තයා , ගම්මන්පිල මහත්තයා , සීතා දේවී නෝනා එහෙම නැද්ද ඔතන?
මොන මතබේද තිබුනත් ඇත්ත කතාකරන, වංචා දුෂණ පිළිබඳව අඩුවෙන්ම නම ගෑවී ඇති ,උගත්, බුද්ධිමත් සාමාජිකයින් රැසකගෙන් සමන්විත ජාවිපේ හැර වෙන කිසිම කෙනෙකුට මේ අපේ රට ගැන චුට්ටක් හෝ ආදරයක් නැතිද...? අපේ රට හැමදාමත් රවට්ටපු දුෂිත දේශපාලුවන්ට හැමදාමත් " මුට්ටි " අල්ලපු සිවුරුකාර ජූජක බමුණෝ ටික අද හැන්ගිලාද...? ජාවිපේ මේ ආකාරයෙන්ම උද්ගෝෂණයක් චීන තානාපති කාර්යාලය අසලත් පැවත්වුවා නම් වටිනාකම තවත් වැඩිවෙනවා. අපිට සතුරන් 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි චීනා, ඇමෙරිකන් කාරයා සහ ඉන්දියන් කාරයා. ඒ වගේම තවගොල්ලක් ඉන්නවා. ඒ තමයි 1948 සිට අදදක්වාම මේ රට පාලනය කරන නුගත්, මෝඩ, දුෂිත පාලකයින් රැල. මේ රටේ සිටින නුගත් මෝඩ බහුතරයක් ජනතාව රවටා මේ රට විදේශයන්ට උකස්කළ දුෂිතයින් පලවා හැරීමට මේ නුගත් බයියන්ට ශක්තියක් නැත. කෙසේ වෙතත් ජාවිපේ මේ ක්‍රියාවට මම ස්තුති කරනවා... ඒ වගේම ජිවිත පරිත්‍යාගයෙන් හෝ අපේ රට මේ " ජාත්‍යන්තර හොරුන්ගෙන් බේරා ගැනීමට අපි සැමදෙනාම සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර්...ජාතිබේද දුරලා සියලුම ආගම බෙදා දුරලා එකා වගේ එක්වෙමු.
චීන තානාපති කාර්යාලයෙන් සියලුම ලංකාවේ දේශපාලන පක්ෂ වලට සල්ලි දෙනවා කියල කියනවා.. අපි දන්නේ නෑ ඇත්ත. නමුත් චීනා එනකොට සද්ද වහලා ඉන්න ජෙප්පෝ .. මේ අය එනකොට බෝඩ් උස්සන්නේ ඇයි කියලත් හිතෙනවා .. බයියෝ ටෝයියෝ අලි පොහොට්ටු ටෙලිපොන් උන්ට චීනා යැංකි නෙවෙයි මොනයකා ආවත් මොකෝ.. ඒ අයනේ ආවැඩුවේ
ඔය ඇමෙරිකානුවන් අපේ රටට ඇවිල්ලා මොනවද අපෙන් උදුරාගන්ට තියෙන්නේ? ඒ අපේ ණය කන්දද, දුප්පත්කමද, එසේත් නැත්නම් කඩන් හැලෙන කුණු කඳුද? අද අපේ රටේ ඇඟලුම් නිෂ්පාදන වලින් විශාල කොටසක් මිලදී ගන්නේ ඇමෙරිකානු සමාගම්. අද ඒ කම්හල්වල සේවය කරන කී දෙනෙක් එයින් ජීවිකාව ගැට ගසා ගන්නවාද? ඔය මොර දෙන දේශපාලකයින්ගේ දරුවන් බොහෝ දෙනෙක් අද ඉගෙන ගන්නේ බටහිර රටවල. ලංකාව ඉදිරියට යා යුත්තේ ලොව අනිකුත් රටවල් සමග මිස, හුදකලා වීමෙන් නොවේ. සිංගප්පුරුව වැනි ස්වභාවික සම්පත් අඩු රටක්, අද මෙතරම් දයුණු වී ඇත්තේ ලොව අනිකුත් රටවල් සමග එක්ව කටයුතු කිරීමෙන් මිස, හුදකලා වී සිටීමෙන් නොවේ.
විදේශ අතපෙවීම් කියන්නේ ඇමරිකාවේ අය විතරද.?
ලංකාවට විදේශ බලපෑම් වැඩි පුර තිබෙන්නේ චීනයෙන්. දැන් චීන තානාපති කාර්යාලය වැඩ කරන්නේ ඒ ගොල්ල මේ රටේ උරුමක්කාරයෝ කියල හිතාගෙන. පේන විදියට බොහොම දෙනෙක් ඒකට කැමති වගේ.
උපවාසයක් පටන්ගනිල්ලා... තැඹිලිවතුර දෙන්න අප්පච්චි ඉන්නවා.
වැසිකිලි යාමේ හදිසි අවශ්‍යතාවකට සකල සිරින් පිරි සිරි ලංකාවට ගොඩබට අති උතුම් පොම්පායෝ උතුමාණන් නමස්කාර පුර්වකව පිළිගනිමු....
ජවිපෙ ඉතින් මේ වගේ වැඩ කර කර ඉන්න තමයි හොඳ.
රනිල් මංගල එම් සි සි ගේන්න හදනකොට කට, වහගන හිටපු ජවිපෙ උන්නැහැලා දැන් දේශප්‍රේමී චරිතය රගපානවා.
මෙතන අඩුවකට තියෙන්නේ අන්තරේ කට්ටිය නැති එක විතරයි. අනිත් ඔක්කොම ඉන්නවා
චීන්නු ණය දීලා රට අල්ලනකොට මෙයාලට කිසි ගානක් නැහැ. බොරු සෝබන කාරයෝ.