IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි

පෙර දැනුම්දීමකින් තොරව, කවුරුත් පුදුමයට පත් කරමින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමුවිය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා බටහිර ඉවුරට ගියේ විශේෂ ආරක්ෂක රැකවල් මධ්‍යයේය. රාමල්ලා නුවරදී බ්ලින්කන් සහ පලස්තීන ජනාධිපති අබ්බාස් අතරේ සාකච්ඡා පැවැත්විණි.

පලස්තීන ජනාධිපති අබ්බාස් ද එහිදී ද ඉල්ලීමක් කර ඇත්තේ ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කිරීම සඳහා සටන් විරාමයකට යා යුතු බවය. 

ඊශ්‍රායලය මේ මොහොතේ සටන් විමාරයක නොයනු ඇති බවත්, එසෙම් සටන් විරාමයකට ගියහොත් එය හමාස් සටන්කාමීන්ට හිස නැමීමක් බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කර තිබේ.

ඇමෙරිකාවේ ස්ථාවරය වන්නේ ද හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමිය යුතු යැයි බ්ලින්කන් අවධාරණය කළ බව පලස්තීන පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හමාස් සටන්කාමීන් අඩපණ වී සිටින මේ මොහොතේ සටන් විරාමයකට ගියහොත්, සටන්කාමීන් යළි ශක්තිමත් වනු ඇති බවත්, ඔවුන් යළිත් වරක් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබේ.

කෙසේ නමුත්, මානුෂීය හේතූන් සැලකිල්ලට ගැනීම සහ ගාසා පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම කළ යුතු බව ද බ්ලින්කන් පලස්තීන ජනාපධිති හමුවේ පවසා ඇත.

(අල් ජසීරා)



අදහස් (1)

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි

බිලින්කං Sunday, 05 November 2023 08:45 PM

ඔයාටත් ආයුධ අඩුවට දෙන්නම්. එකඟද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 339 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site