



(හසිත රංග ගුණතිලක)
මිලේනියම් කෝපරේෂන් ගිවිසුමට විරෝධය පළ කරමින් ස්වදේශික අයිතීන් උදෙසා ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතවරු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද(06) උද්ඝෝෂණයක නිරත වූහ.
එම ගිවිසුම වහාම හකුළාගන්නැයි බල කරමින් සන්දේශයක්ද විරෝධකරුවෝ ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන්හ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා..!
ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා....!!! රටේ සැබෑ අයිතිකාරයින් ඔබයි...!!!
කොහොමහරි රාජපක්ෂලා රජ කරවන විදියක් බලන්න එපැයි
තැඹිලි ලෙමන් පෆ් සුදානම්.
පරණ රෙජීමය කාලේ කිසිම ගිවිසුමකට විරෝධය පළ කරන්න කවුරුත් ආවෙත් නැහැ. කිසිම ගිවිසුමක් කවුරුත් දන්නෙත් නැහැ. ගිවිසුම රජගෙදර අත්සන් කරලා පත්තරේ වැටුනම තමයි රටේ ජනතාව දැනගත්තේ. මේ ඔය අව්වේ තපින කට්ටිය ඒවා හොදට දන්නවා. එත් නොදන්නවා වගේ ආත්මය විකුණගෙන ඒ පැත්තට කත් අදිනවා. මේ වගේ අය ඉන්නකන් ශ්‍රී ලංකාවට අබ සරණයි.
හදිසියේම හැමෝම ඇමරිකන් විරෝධී වෙලා. විමල් වීරවංශ තවම නැත්තේ මොකද?
මොකක් හරි කෙන්ගෙඩියක් සොයාගන්නවා.. මහජනතාවට හිරිහැරවෙන විදිහට...
එයා හැමදාම වීරවංශ. හොඳට බලන්න මේ රැස්වෙලා ඉන්න අයවලුන් දිහා... මොනතරම් ජාතිමාමක බුද්ධිමතුන්ද?
වේගයෙන් දියුණු වෙන රටක ලක්ෂණ මේ පින්තූරවලින් පැහැදිලි වෙනවා. වැඩ කරන වයසේ මිනිසුන්ට බෝඩ් අල්ලාගෙන මේ විදියට කාලේ මරණකොට රටේ ආර්ථිකේ (එහෙම දෙයක් තියෙනවා නම්) තරම ගැන හිතා ගත්ත හැකි නේද?
"Rent a Crowd " කියලා ඉංග්‍රීසි කතාකරන කලිසම් මහත්තුරු කියන්නේ මේවලටද?...
රැල්ලට බොරුකියන දේශපාලකයින් හා ඒවාට ඉහළ ප්‍රචාරයක් දෙන්නන්, පතුරුවන මුසාවාද අද සමාජය විසින් කිසිඇහිල්ලක්, බැලිල්ලක් නැතුව බාරගන්නා බවයි.. මේ වගේ දේවල්වලින් පෙනෙන්නේ... ඇමෙරිකන් ගිවිසුමේ තියෙනවා යැයි කියන "කොළඹ හා ත්‍රිකුණාමලය අතර ඇමරිකන් කොරිඩෝව" සම්පූර්ණ හිතළුවකි. ඇත්ත නම් දිස්ත්‍රික්ක 7ක් සඳහා නව තාක්ෂණය යොදාගෙන ඉඩම් මැනීමේ කටයුතු සිදුකිරීමට උදව්දීම මේ ගිවිසුමට ඇතුළත් වීමයි. මේ දිස්ත්‍රික්ක 7ට කුරුණෑගල, මාතලේ, අනුරාධපුර, ත්‍රිකුණාමලය අයත් වන නිසා ඒ හරහා ඉරක් ඇඳ මේ ඇමරිකන් කොරිඩෝ කතාව නිර්මාණය කර ඇත. මේ දිනවල බොහෝ අය විදෙස් විත්ති විචාරකයින් වී ඇත. එයට හේතුව ඔවුන් දේශපාලකයින්ගේ බොරුවලට මුලා වී සිටීමයි. මේ ගිවිසුම අත්සන් කිරීම කල්දමා ඇති නිසාත් මතු යම් දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන නිසාත් මෙහි රහස්‍ය භාවයක් ඇති බවක් පෙනෙන්නටද නැත. දැන් ඇසිය යුතු ප්‍රශ්නය වෙන්නේ ඇමරිකන් ගිවිසුමට මෙතරම් විරුද්ධ අය තම බිරිඳ සහ දරුපවුල ඇමෙරිකානු පුරවැසියන් වෙන හිටපු ඇමෙරිකානු පුරවැසියෙකුට ඡන්දය දෙන්න සිත සදා ගන්නේ කොහොමද යන්නයි...
නරි හූවටත් මහපාරට බස්සවන්න පුළුවන් නරි රැලක් අප රටේ සිටීම ගැන අපි එක අතකට සතුටු විය යුතුයි. මේ ගිවිසුම කළුද, සුදුද කියලාවත් දැක නැති නරි රංචු තමයි මේ සද්දෙට හූ කියන්නේ? මේ ගිවිසුමේ, ඇමරිකන් හමුදාවක් ගැන හෝ අක්කර ලක්ෂ දොළහක් ඇමරිකාවට අයත් වෙන බව, මොන ඉංග්‍රීසියෙන්ද, කොතැනද ඔය ගිවිසුමේ තියෙන්නේ?
මේ ගිවිසුම රටට ලොකු හානියක්. ජනතාවට අහන්න තියෙන්නේ ඉතා පොඩි දෙයයි. ඇයි මේක කඩිමුඩියේ මේ ඡන්ද අස්සේ අස්සන් කරන්න දතකන්නේ? බොහොම සරලයි තේරුම. රෑට කෑම පොලිසියෙන්, දවල් කෑම උසාවියෙන්..
හැමදාම ඡන්දයක් එනකොට රට බෙදන කතා. පිටරට වලට මෙරට උගස් තියන කතා එනවා ඡන්දෙත් එක්කම යනවා. අවසන් අවස්ථාවකුත් එනවා එකත් යනවා. ඕව තමයි විහිළු.
හරි අපි කියමුකෝ එජාපය මේ ගිවිසුම ගෙනාවා කියා එතකොට සාටක අනුගාමිකයන් වන විමල්ලා උද්ගෝෂණය කරමින් කියා හිටියනේ ගිවිසුම හකුලා ගනු කියා ... ඊට පසු සාටකයන්ගේ මාද්‍ය හමුවේදී මාද්‍ය වේදියෙක් පුන පුනා අහනවනේ මේ ගිවිසුම එජාපය අත්සන් කලොත් ඝෝටා දිනුවට පසුව ඔබලා විසින් එය අහෝසිකරනවාද වගේම එජාපය අත්සන් නොකලොත් ඔබලා දිනුවට පසුව එය අත්සන් කරනවාද කියා ... එවිට බන්දුල හා ඩලස් කියන්නේ නැහැ නේද ඔවුන් එම ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ඒ වෙනුවට මාද්‍ය කරුවා නොමග යවන ප්‍රකාශ නේද කරන්නේ ?