ඇමෙරිකා එක්සත් ජනපදයත් රුසියාවත් අතර තිබෙන අර්බුදකාරී හා මතභේදාත්මක තත්ත්වය නිසා ලෝකය අවදානමකට පත්ව ඇතැයි ද සුවිශාල විනාශයක් සිදුව ඇතැයි සෝවියට් සමූහ ආණ්ඩුවේ අවසාන නායකයා වූ මිහායිල් ගොර්බචෙව් පැවැසීය.
බී.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මිහායිල් ගොර්බචෙව් ඒ කීවේය.
“මහ ව්‍යවසනයක් ඇති කරන්න පුළුවන් අවි ආයුධ පවතින තෙක් මේ අවදානම තිබෙනවා” යැයි ද එහිදි අදහස් දැක්වූ සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා කීය.
“හැම රටක්ම, හැම ජාතියක්ම න්‍යෂ්ටික අවි ආයුධ විනාශ කළ යුතුයි. අපේ ලෝකය, අපි අපව බේරාගන්න නම් අපි එහෙම කරන්න ඕනේ” යැයි ද මිහායිල් ගොර්බචෙව් කීවේය.
ගොර්බචෙව් දීර්ඝ කාලයක් මුළුල්ලේ න්‍යෂ්ටික ආයුධ සම්බන්ධයෙන් අනතුරු අඟවයි. මිහායිල් ගොර්බචෙව් සහ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් 1987 වසරේදී අවි ආයුධ භාවිතය පාලනය කිරීමේ අරමුණින් ගිවිසුමකට එළැඹුණාහ. එය මධ්‍ය දුර සීමාවේ න්‍යෂ්ටික අවි ප්‍රඥප්තිය යනුවෙන් හැඳින්විණි. ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් කරගන්නා බව පසුගිය වසරේදී ප්‍රකාශ කළ අතර එය ගොර්බචෙව්ගේ දැඩි විවේචනයට ලක්විය.
“ඇමෙරිකාවේ ඉන්න කාටවත් මේකේ අනතුර තේරෙන්නේ නැද්ද ?” යැයි එම අවස්ථාවේදී ඉන්ටෆැක්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ගොර්බචෙව් විමසීය.
“පෘථිවියේ ජීවිය ආරක්ෂා කරගැනීමට නම් න්‍යෂ්ටික අවි අත්හරින (න්‍යෂ්ටික අවිහරණ) සහ න්‍යෂ්ටික අවි ආයුධ භාවිතය සීමා කරන සියලු ගිවිසුම් ආරක්ෂා කරගන්න ඕනේ” යැයි ද බී.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවේදී ගොර්බචෙව් කීය.
“අද වෙද්දි ලෝකයේ විවිධ තැන්වල පොඩි පොඩි ගැටුම් තියෙනවා. තැන් තැන්වෙල වෙඩි තැබීම් සිදු වෙනවා. යුද නැව්, ප්‍රහාරක ගුවන් යානා එහාට මෙහාට යැවෙනවා. ඒවා හැමතැනම. යුද ගැටුම් තිබෙනවා. අපිට ඕන වුණේ මේ දේ නෙමෙයි” යැයි ද හෙතෙම තවදුරටත් කීවේය.
ඡායාරූපය ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කියනදේ සත්‍යයි. මනුෂ්‍යයින්ට එපා කරපු යුද ගැටුම් සහ ත්‍රස්තවාදී ක්‍රියා පිටුපස සිටින්නේ අවි ආයුද නිෂ්පාදකයින් සහ වෙළෙන්දන්ය. ධනවත් රාජ්‍යයන් නිසැකවම මේ සියලු ක්‍රියා පිටුපස සිටිනවා. මේ සියලු දේ සිදුවන්නේ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් වීම බරපතල ප්‍රශ්නයක්. අවි ආයුධ වෙළදාමේ බොහෝවිට යෙදී සිටින්නේ දේශපාලුවන් සහ ඔවුන්ගේ හෙන්චයියන්ය. එම නිසා තමයි ඔවුන් යුද ගැටුම් සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදුවීමට ඉඩහරින්නේ කියා මට සිතෙනවා.
ඒ දෙගොල්ල ලෝකය අවදානමේ හෙලන අතරේ මේ දෙගොල්ල ලංකාව අවදානමේ හෙළනවා.