(යොහාන් භාසුර)
ඇමතිවරුන්ගේ බිල්පත් සඳහා ලක්ෂ ගණනින් මහජන මුදල් පාර්ලිමේන්තු අනුමැතියක් පවා නොමැතිව ගෙවන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා මහතා අද (4) පැවසීය.
ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ අද (4) පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ටන් පෙරේරා මහතා එසේ පැවසීය.
රට අගාධයට වැටී මහජනතාවට ජීවිත පවත්වාගෙන යා නොහැකි වී තිබෙන කාලයකත් මහජනතාව නොදත් තොරතුරු විශාල ප්‍රමාණයක් ඇති බවත් රජයේ මූල්‍ය අවභාවිතාව පිළිබඳ විගණකාධිපතිවරයා කරුණු විශාල ප්‍රමාණයක් හෙළි කර ඇති බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකාවේ විශාලතම වියදම් රජයේ දෙපාර්තමේන්තු ඇතුළු මහා භාණ්ඩාගාරයේ යැපෙන ආයතනවලින් කරන බව කී ඇන්ටන් පෙරේරා මහතා රජයේ මහා භාණ්ඩාගාරය ජනතාවගෙන් බදු මුදල් එකතු කළ පළියට හිතුමතේ වියදම් කරන්න අයිතියක් නොමැති බව ද සඳහන් කළේය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරන වියදම් ඇස්තමේන්තුවලින් සමස්ත රජයේ අයවැය ලේඛනය සකස් කර, පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා නිසා අදාළ වියදම් කළ යුත්තේ අයවැය සම්බන්ධයෙන් පවතින විධිමත් ක්‍රියාවලියට අනුව බවත් මුදල් යොමුකළ යුත්තේ අයවැය මගින් අනුමත වියදම් ඇස්තමේන්තුවක් සඳහා පමණක් බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාණ්ඩාගාරය මුදල් එකතුකල පලියට වියදම් කරන්න බැහැ තමයි ඒත් පාර්ලිමේන්තුවේ වාර්ෂිකව අනුමත කරන අයවැය ඇස්තමේන්තු අනුව එක් එක් ව්‍යාපෘති සදහා වියදම් කලයුතු ආකාරය හා ප්‍රමාණය වියදම් ඇස්තමේන්තු පෙන්වා දෙනවා ඊළඟට අයවැය අනුමත කල පමණින්ම මුදල් වියදම් කරන්න බලයක් කාටවත් නැහැ ඒකට අවශ්‍ය අනුමැතිය වොර්න්ට් බලපත්‍රය මගින් ලැබෙන්නත් ඕන ඉතින් එහෙම අනුමැතිය ලැබුනාම නැවතත් විවිධාකාර ගෙවීම් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න අවශ්‍ය නැහැ මට හිතෙන්නේ හිටපු ප්‍රධාන ගණකාධිකාරි කෙනෙක් වුනත් රජයේ ගිණුම් පරිපාටිය හරියට නොදන්නා නිසා හෝ ඒ ගැන හරියාකාරව අවබෝධයක් නැතිකමට හෝ දේශපාලන ගැතිකමට මේ අදහස ඉදිරිපත් කලාද කියලා හිතෙනව
හිටපු ගණකාධිකාරි නේද?.දැන් බිරුවාට හපන්න කටේ දත් නෑ. සද්දෙට බය අය දැන් නැත.
දැන් තමයි මෙවැනි කරුණු කාරනා එලියට එන්නේ