IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇමැතිලා හතරක් දිවුරති

(අජන්ත කුමාර අගලකඩ)

නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති ලෙසත්, දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍ය ලෙසත්, ප්‍රසන්න රණතුංග මහතා නිවාස හා නාගරික සංවරධන අමාත්‍යවරයා ලෙසත, කාංචන විජේසේකර මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.



අදහස් (28)

ඇමැතිලා හතරක් දිවුරති

Rata Perata Saturday, 14 May 2022 03:19 PM

මිනිස්සුන්ගේ විරෝධතා ගණන් නොගැනීමේ විපාක ළඟදීම බලාගන්න පුළුවන් වෙයි.

:       628       478

රටවැසියාSaturday, 14 May 2022 04:17 PM

රට පෙරට !! පළමුව ඔබ මුහුණ බලන කණ්ණාඩිය ඉදිරිපිටට ගිහිල්ලා ඔබේ මූණ බලාගෙන ඔබෙන්ම අහන්න මෙන්න මේ දෙය... " මගේ මේ වයසට මම මට කියලා මොනවද කරගෙන තියෙන්නේ..? එසේ නැතිනම් හොඳට හිතලා බලන්න... මම ගොඩඑන ක්‍රමයක්...!!!

:       103       291

සත්‍යපාල Saturday, 14 May 2022 05:50 PM

රටවැසියා වෙනුවට වහලා හෝ වසලයා කියලා නම වෙනස් කරගන්න...

:       147       120

Rata PerataSaturday, 14 May 2022 07:23 PM

රටවැසියා ... කරුණාකර මේ අදහස් කියවලා හරි දැනුමක් ලබාගන්න. මූලික අධ්‍යාපනය නැතිවුණාම ඔහොම වෙනවා.

:       42       21

sampath Saturday, 14 May 2022 03:39 PM

මේ අයම නම් අර හිටපු අගමැතිවරිය ඉවත් කළේ... මොන එහෙකටද? අනෙක මේ හැමෝම හිටපු කාලේ තමයි මේ ආර්ථික ප්‍රශ්න ආවේ.. ඒකෙ වග උත්තර කරුවන් කොහොමද ඒක විසඳන්නේ? හොඳම දේ මැතිවරණයක් විතරයි...

:       115       293

විපරමා Saturday, 14 May 2022 03:40 PM

දූෂිත දේශපාලුවන්ටත් ඇමැතිකම් දීලා.. එහෙට මෙහෙට පැනපැන සදහටම බලයේ ඉන්න හදන්නේ.. තව ඉස්සරහට මොනවායින් මොනවා වෙයිද?

:       135       243

Bird Eye Saturday, 14 May 2022 03:49 PM

ඇමැති හ(ත)රක් දිවුරයි.. වගේ දැක්කේ.. මේ වගේම අහලවත් නැති සෙට් එකක් පත්වෙයි වගේ..

:       31       92

Kumara Saturday, 14 May 2022 04:05 PM

ඔයාලටත් වෙන්නේ හැංගෙන්න තමයි...

:       170       123

de silva Saturday, 14 May 2022 04:07 PM

පරණ හොරු සමග පුළුවන්ද ආර්ථිකය දියුණු කරන්න? 

:       131       126

BamunuarachchiMonday, 16 May 2022 09:59 AM

එහෙනම් අපි අලුත් හොරු පත්කර ගමු නේද? කව්ද ඔබ කැමති අලුත් හොරු?

:       1       0

Buddika Saturday, 14 May 2022 04:13 PM

මේකද අන්තර් පාලනය? මේක පොහොට්ටුවේ ආණ්ඩුවක්.. මේ මිනිස්සු 4 දෙනාම ජනතාවගේ විරෝධයට ලක්වුණු අය.. මේකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ කෝපය වැඩිකිරීමනේ. මේ රට මේ තත්වයට තල්ලු කරන්න හේතුවුණු තිදෙනෙක් මෙතන ඉන්නවා. මේ රජයෙන් හොරු ආරක්ෂා කරයි. ගාලුමුවදොර වැරැදිකරුවන් ආරක්ෂා කරයි.

:       162       150

sugath Saturday, 14 May 2022 04:18 PM

මේගොල්ලෝ ඉතින් හිටු කියල දිව්රනවා. අරහේ රටේ මිනිස්සු පොලින් වල දිව්රනවා.

:       30       113

K Perera Saturday, 14 May 2022 04:26 PM

පරණ සෙට් එකම ආපහු එනවා. රට ගොඩඒමට දැන් තිබෙන එකම විසඳුම එකවේලක් කාලා හෝ ලෝකයේ බලවත් රටවලින් ණය අරගෙන වහාම ජනාධිපති සහ මහමැතිවරණය එකම දවසේ තියන්න.

:       19       94

Deepal Nirosh Saturday, 14 May 2022 04:27 PM

කවුරු ඇමති, කවුරු අගමැති වුණත් ඔය මැති ඇමතිකම් සේරම හසුරුවන්නේ එදා මෙදා හිටපු ඒ ඇමැති කියලා දන්නේ නැද්ද? එකම වෙනස රනිල්ගේ පොහොට්ටු ආගමනය පමණයි...!

:       21       97

Saman Saturday, 14 May 2022 04:42 PM

මගේ හිතේ හොඳම දේ රනිල් මල්ලිත් අයින් වෙලා පැත්තකට වෙලා උන්නානම් හොඳයි වගේ.. රාජපක්ෂලා ඔවුන්ගේ කුට්ටමේ ඉන්න සෙට් එක අයින් කරන්න...

:       87       74

Kumara Saturday, 14 May 2022 04:46 PM

තාම බේරෙ වැවේ නාලා නෑනේ..!

:       52       76

Appuhami Saturday, 14 May 2022 04:59 PM

කුට්ටම හොඳට අනලා, පරණ කොල ටිකම ආවා.. එහෙම නම්. මේ ඔක්කොම හොරු... අරගලයට ජයවේවා..!

:       114       143

Don perea-London Saturday, 14 May 2022 05:05 PM

මේ අය ආයෙමත්...!

:       63       103

P Ilangaratne Saturday, 14 May 2022 05:15 PM

එහෙනම් ප්‍රශ්න ගොඩයි.

:       89       80

Jagath Saturday, 14 May 2022 06:01 PM

නියෝජ්‍ය අගමැතිවරයෙක් වහාම පත් කරන්න. දේශපාලකයෙක් හරි පිට කෙනෙක් හරි...

:       49       6

ගමේ එකාලා Saturday, 14 May 2022 06:19 PM

පින්තූරයේ මුලට ඉන්න තුන්දෙනා නියම තුනක්. දකින්ඩත් බැහැ... කූඩැල්ලන් වගේ බලයේ ඉන්නම හදන අය... ලැජ්ජයි හිරිකිතයි....

:       112       102

Roshan Saturday, 14 May 2022 06:29 PM

පිස්සු තදවෙලාද කොහේද?

:       46       67

kumara Saturday, 14 May 2022 07:47 PM

ආයිමත් මෙයාලාම එනවා නම් සිදුවුණු වෙනසෙත් කිසිම ප්‍රයෝජනයක් නැත. රට තවත් අරාජික වේ. මේ හොරුන්ට මේක කාලා ඉවර වෙනකන් නිවනක් නෑ වගේ...

:       39       10

kumara Saturday, 14 May 2022 07:52 PM

දෙවියන්ගේ හාල් කැවිලද? නැත්නම් ඇත්තටම සාපයක් වෙලාද?

:       30       13

Prabha Saturday, 14 May 2022 09:02 PM

පස් වෙනියා සාගල, හය වෙනියා අකිල...

:       2       35

SISIRA Saturday, 14 May 2022 09:20 PM

මේ හදිසියේ නිවාස හා නාගරික සංවර්ධනයක් මොකටද...?

:       21       11

Rocky Sunday, 15 May 2022 05:24 AM

කෝ ජොන්ස්ටන් තවම නැත්තේ මොකද.?

:       0       0

බද්රානි Sunday, 15 May 2022 03:44 PM

කොරෝනා සමයේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් ගසාකෑමට පුරෝගාමී වූ බඩතඩියාත් ඇමති මණ්ඩලයේ ඉන්නවා... ජී.එල්. පීරිස් මහත්මයා හැරුණු විට, අනිත් අය දේශපාලන කුණු බක්කියකට දැමිය යුතුයි. එක අතකට අඥාන පාලකයින්ගෙන් මීට වඩා තේරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ අමනෝඥ පාලකයාව ගෙදර යැවිය යුතුමයි.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 528 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2257 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site