
(අජන්ත කුමාර අගලකඩ)
නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති ලෙසත්, දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍ය ලෙසත්, ප්‍රසන්න රණතුංග මහතා නිවාස හා නාගරික සංවරධන අමාත්‍යවරයා ලෙසත, කාංචන විජේසේකර මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ විරෝධතා ගණන් නොගැනීමේ විපාක ළඟදීම බලාගන්න පුළුවන් වෙයි.
මේ අයම නම් අර හිටපු අගමැතිවරිය ඉවත් කළේ... මොන එහෙකටද? අනෙක මේ හැමෝම හිටපු කාලේ තමයි මේ ආර්ථික ප්‍රශ්න ආවේ.. ඒකෙ වග උත්තර කරුවන් කොහොමද ඒක විසඳන්නේ? හොඳම දේ මැතිවරණයක් විතරයි...
දූෂිත දේශපාලුවන්ටත් ඇමැතිකම් දීලා.. එහෙට මෙහෙට පැනපැන සදහටම බලයේ ඉන්න හදන්නේ.. තව ඉස්සරහට මොනවායින් මොනවා වෙයිද?
ඇමැති හ(ත)රක් දිවුරයි.. වගේ දැක්කේ.. මේ වගේම අහලවත් නැති සෙට් එකක් පත්වෙයි වගේ..
ඔයාලටත් වෙන්නේ හැංගෙන්න තමයි...
පරණ හොරු සමග පුළුවන්ද ආර්ථිකය දියුණු කරන්න?
මේකද අන්තර් පාලනය? මේක පොහොට්ටුවේ ආණ්ඩුවක්.. මේ මිනිස්සු 4 දෙනාම ජනතාවගේ විරෝධයට ලක්වුණු අය.. මේකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ කෝපය වැඩිකිරීමනේ. මේ රට මේ තත්වයට තල්ලු කරන්න හේතුවුණු තිදෙනෙක් මෙතන ඉන්නවා. මේ රජයෙන් හොරු ආරක්ෂා කරයි. ගාලුමුවදොර වැරැදිකරුවන් ආරක්ෂා කරයි.
මේගොල්ලෝ ඉතින් හිටු කියල දිව්රනවා. අරහේ රටේ මිනිස්සු පොලින් වල දිව්රනවා.
පරණ සෙට් එකම ආපහු එනවා. රට ගොඩඒමට දැන් තිබෙන එකම විසඳුම එකවේලක් කාලා හෝ ලෝකයේ බලවත් රටවලින් ණය අරගෙන වහාම ජනාධිපති සහ මහමැතිවරණය එකම දවසේ තියන්න.
කවුරු ඇමති, කවුරු අගමැති වුණත් ඔය මැති ඇමතිකම් සේරම හසුරුවන්නේ එදා මෙදා හිටපු ඒ ඇමැති කියලා දන්නේ නැද්ද? එකම වෙනස රනිල්ගේ පොහොට්ටු ආගමනය පමණයි...!
මගේ හිතේ හොඳම දේ රනිල් මල්ලිත් අයින් වෙලා පැත්තකට වෙලා උන්නානම් හොඳයි වගේ.. රාජපක්ෂලා ඔවුන්ගේ කුට්ටමේ ඉන්න සෙට් එක අයින් කරන්න...
තාම බේරෙ වැවේ නාලා නෑනේ..!
කුට්ටම හොඳට අනලා, පරණ කොල ටිකම ආවා.. එහෙම නම්. මේ ඔක්කොම හොරු... අරගලයට ජයවේවා..!
මේ අය ආයෙමත්...!
එහෙනම් ප්‍රශ්න ගොඩයි.
නියෝජ්‍ය අගමැතිවරයෙක් වහාම පත් කරන්න. දේශපාලකයෙක් හරි පිට කෙනෙක් හරි...
පින්තූරයේ මුලට ඉන්න තුන්දෙනා නියම තුනක්. දකින්ඩත් බැහැ... කූඩැල්ලන් වගේ බලයේ ඉන්නම හදන අය... ලැජ්ජයි හිරිකිතයි....
පිස්සු තදවෙලාද කොහේද?
ආයිමත් මෙයාලාම එනවා නම් සිදුවුණු වෙනසෙත් කිසිම ප්‍රයෝජනයක් නැත. රට තවත් අරාජික වේ. මේ හොරුන්ට මේක කාලා ඉවර වෙනකන් නිවනක් නෑ වගේ...
දෙවියන්ගේ හාල් කැවිලද? නැත්නම් ඇත්තටම සාපයක් වෙලාද?
පස් වෙනියා සාගල, හය වෙනියා අකිල...
මේ හදිසියේ නිවාස හා නාගරික සංවර්ධනයක් මොකටද...?
කෝ ජොන්ස්ටන් තවම නැත්තේ මොකද.?
කොරෝනා සමයේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් ගසාකෑමට පුරෝගාමී වූ බඩතඩියාත් ඇමති මණ්ඩලයේ ඉන්නවා... ජී.එල්. පීරිස් මහත්මයා හැරුණු විට, අනිත් අය දේශපාලන කුණු බක්කියකට දැමිය යුතුයි. එක අතකට අඥාන පාලකයින්ගෙන් මීට වඩා තේරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ අමනෝඥ පාලකයාව ගෙදර යැවිය යුතුමයි.