
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම හඳුන්වාදීමක් ලෙස දෙමුහුන් (හයිබි‍්‍රඞ්) ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙළෙඳපොලට ඉදිරිපත් කරන්නේ නම් සිලින්ඩරය වෙනත් වර්ණයකින් ඉදිරිපත් කළ යුතු යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප‍්‍රමාණය සහ මිල සටහන් කිරීම අනිවාර්ය බවත් එම සිලින්ඩරය වෙළෙදපොලේ තිබෙන සෙසු ගෑස් සිලින්ඩර්වලින් වෙන්කර හදුනාගැනීමට හැකිවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නව හදුන්වාදීමක් වෙළෙදපොලට ඉදිරිපත්කිරීම අමාත්‍යංශයට වැලැක්විය නොහැකි බවත් එසේ වුවද පාරිභෝගිකායා රැුවටීමකට ලක්කිරීම වැලැක්විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ජනතාව රවට්ටලා අලුත් එක විකුණුවානේ.. එම වැඩිපුර ගත්තු මුදල් ආයතනයෙන් අරගෙන නැවත ලබාදෙන්න වැඩපිළිවෙළක් එතුමාට නැද්ද?