
(අංජුල මහික වීරරත්න)
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් අදාල චක්‍රලේඛයට අනුකූලව හිටපු ජනාධිපතිවරුන්ටද රජයේ වාහන දෙකක් පමණක් තබාගෙන ඉතිරි ඒවා නැවත බාරදීමට සිදුවනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ජාතික ජන බලවේග රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූයේ තම රජයේ අමාත්‍යවරුන් චක්‍රලේඛ තිබුණත් නැතත් රජයේ වාහන අවභාවිතයක් නොකරන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙක් පැවසූයේ ඉදිරි සතිය ඇතුලතදී මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන රජයේ වාහන අදාල චක්‍රලේඛයට ගරු කරමින් යළි බාර දීමට කටයුතු කෙරෙනු ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමති වාහන දෙකකට සීමා කරයි
Perera Wednesday, 23 April 2025 06:22 AM
නවසීලන්තයේ අමාත්‍යවරයෙකුට කෙනෙකුට ලැබෙන්නේ එක සාමාන්‍ය වාහනයක් පමණයි. රියදුරුන් ලැබෙන්නේ නැහැ, මන්ත්‍රීලාට කිසිම වාහනයක් ලැබෙන්නේ නැහැ.
ගුණරත්න Wednesday, 23 April 2025 08:30 AM
මට මේ මාතෘකාව අප්‍රසන්න්නයි, දැන් ආණ්ඩුව පත්වෙලා මාස 6ක් පැනල, එත් මුන් තාම වාහන බෙදාගන්න චක්‍රලේඛ ගහනවා, රටේ ප්‍රශ්න ඇත්තෙම නැත්ද_
Rata PerataWednesday, 23 April 2025 11:42 AM
අවුරුදු 76ක් තිස්සේ වුණු වැඩ මාස 06න් ඉවර කරන්න බෑ කියලාවත් තේරෙන්නේ නැති නූගතෙක් මේ ගුණරත්න. දැන් හරි මොකක්හරි අධ්‍යාපනයක් ගන්න බලන්න. පරක්කු වෙලා හරි කරන්නේ හොඳ දෙයක් නේ. ඉස්සර දේශපාලකයෝ කොහොමද වාහන පාවිච්චි කළේ...?
අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 04:37 PM
චක්‍රලේඛ හා ගැසට් ගහලා අණ පනත් පනවලා ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු බලාගෙන ඉන්නේ නැතුව දශමයක හරි සදාචාරයක් තියෙන මනුස්සයෙක් නම් ඕවා කලින්ම ගෙනත් බාර දෙනවා. ඒවා කොහේද රට කන්නම හැදිච්චි පවුලක්නේ, එවුන්ට හරියන හරක් ටිකකුත් තවම ඉන්නවා හයියෙන් තප්පුලන...