(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විවිධාකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ කර ඇති හෙයින් තමාගේත් පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (16) ඉල්ලීමක් කළේය.
ක්‍රිකට් ආයතනයේ බලධාරීන් හරි බලවත් බවත් ඒ අය අල්ලන්නේ නැති ආයතනයක් පුද්ගලයකු නැති බවත් අමාත්‍යවරයා කීවේය.
රණසිංහ මහතා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.
මම තනතුරුවලින් වැජඹෙන කෙනෙක් නොවෙයි. රටේ පුරවැසියන් අතර මහජනතාවට වගකියන පළමුවැනි තිස් දෙනා අතර ඉන්න කෙනෙක්. මීට දින කිහිපයකට කලින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශම්මි සිල්වා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඇමති කියන තැනකට එන්නම් නැත්නම් එයාව වෙන තැනකට ගෙනියනවා කියලා කියනවා. සුදත් චන්ද්‍රසේකර මම පත්කරපු මිනිහා. ක්‍රිකට් ආයතනය ඔහුව අල්ලා ගත්තා. තවත් පටිගත කිරීමක් තියෙනවා ඕකට මම ගහලා දානවා කියලා. මේ ප්‍රකාශ දෙක තුළ මගේ පවුලේ ජීවිත අවදානමට ලක් වෙලා තියෙනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකගයි.. දැන් හරක් හොරු වැඩියි..
මොනාද ඇමතිතුමා Client Eastwood වගේ මැනිලා සුරුට්ටුවක් කටේ ගහගෙන රිවෝල්වර්ස් දෙකක් ඉනේ එල්ලා ගෙන ඉන්නකෝ. හැබැයි රිවොල්වර්ස් පාවිච්චිය දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් මලකෙලියයි. ලැජ්ජා නැද්ද ආරක්ෂාව ඉල්ලන්න. ජනාධිපතිගේ මාමා කිව්වේ තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න කියලා.