
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලාල්.එස් කුමාර)
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට යාමේ අපේක්ෂාවෙන් දිප්පිටිගොඩ 6 කනුව ආසන්නයේ රැඳී සිටි බවට පැවසෙන තිදෙනකුට අද 25 සවස යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තිදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
තරංග නැමැත්තා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් එහිදී ඔහු සමඟ රැඳී සිටි දෙදෙනාටද වෙඩි වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කැළණිය පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
තරංග නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන කලක් රිමාන්ඩ් බාරයේ සිට 2021 වසරේ දී අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයකු බවට ද තොරතුරු හෙළිවී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ රැස්වීමට යෑමට ඔහුගේ මිතුරන් දෙදෙනකු සහ තවත් කිහිප දෙනකු එනතෙක් රැඳී සිටි අතරවාරයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමඟ දිවි බේරා ගැනීම සඳහා දිව යද්දී පසුපස පන්නාගෙන ආ වෙඩික්කරුවන් යළි යළිත් වෙඩි තබා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
හිස් උණ්ඩ පහළොවක් පමණ අවට විසිරී තිබී පොලිසියට හමුවී ඇත.
එක් අයකු දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට වසර කිහිපයකට පමණ ඉහත දී බිරිඳ සහ දරුවන් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවද පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට තිබේ.
මොහු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කියන රැස්වීමට සහභාගිවීමට යාමට දිප්පිටිගොඩ ප්‍රදේශයට පැමිණ සිට ඇතැයිද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගිය අය ගැන තොරතුරු තවම පොලිසියට ලැබී නොමැත.

-----------------------------------------------------------------------------------------
(ලාල එස් කුමාර සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කැලණිය දික්පිටිගොඩ සිදු වූ වෙඩි තැබීමකින් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ වෙඩිතබා පලාගොස් ඇතැයි පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මී කඩන්නේ අත ලෙව කන්න නෙවේ කීවලු. මේ වගේ මිනිස්සු රැස්වීම් වලට යන්නේ කතා අහන්න වෙන්න බෑ නේද ?
මැතිවරණ සඳහා පෙර සූදානම් කළ හෝ සංවිධානාත්මක "නාට්‍ය"?
සරලව කියනවා නම් ඇමතියා කුඩු ජාවරම්කාරයෙක්.
එල්ටීටීඊ ය නැවත පණ ගැන්වීමට උත්සාහ කරන ඩාවුඩ් සමඟ සම්බන්ධතා ඇති පාකිස්ථානයේ මැර කල්ලියක් වන හාජි සලීම්: -හින්දුස්ථාන් ටයිම්ස් නිලධාරීන් -
මොනවා හරි පරණ කෝන්තරයක් මෙම සිදුවීමට හේතුවක් වෙන්න පුළුවන්
තවත් ඩ්‍රාමා එකක් මේ සතිය ගත කරන්න .පාතාලයට රැකවරණය දෙන්නෙත් මේ වගේ දේශපාලක අපතයෝ ටික තමයි
ප්‍රසන්න මහතා මත කුඩු ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පවත්වන බව ඔප්පු වී ඇති බැවින් එතුමාටමද මිරිස් කුඩු ප්‍රහාරයක් හෝ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් කැලණියේ ඝාතන සංස්කෘතිය අවසන් කල හැක
පේනවා නේද ඇමතිතුමාගේ ගෝලයෝ
මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වනවා ඇතැයි අනුමාන කරන්න පුළුවන් නේද ? පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගසා නරුමයන් මෙන් හැසිරෙන්නන් ගැන තවත් කතා කුමටද ? කව්රු කෙසේ කීවත්,රට හදන්න කලින් පාර්ලිමේන්තුව හදාගත යුතුව පවතී.කකුළුවන් ඇදේට යන ගමන් අන් අයට කෙලින් යන්න යැයි පැවසෙන නිසරු වදන් වලින් වැඩක් නැහැ නේද කියලා හිතෙනවා.
ඊයෙ පෙරේදා ඉඳලා පටන් ගත්ත පාතාල වෙඩි තැබීම් අවසාන කරන්න දේශබන්ධු පොලිස්පති කරමු.
මේ වගේ ගෝලයන් නෙමෙයි ,කුඩු වෙළඳාම් කරන ,කප්පම් ගන්න ,අරක්කු වෙළඳාම් කරන .තැබෑරුම් කරන ,මාල කඩන වගේම සැකකාරයෝ කියලා හිතාගෙන කයිවාරු ගහන උන්ටම ඉලක්ක කරානම් තමයි හොඳ