(නිමල කොඩිතුවක්කු)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් සිව් දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් අමාත්‍යධුර ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී විජිත් විජයමුනි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම් ෆවුසි යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස නම් කරන ලෙසට ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.
එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේය යන පදනමේ සිට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සංඛ්‍යාව වැඩි කරන ලෙසට ඉල්ලා එම යොජනාව ඉදිරිපත් කර තිබේ.
කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරිමට සහ ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අකමැත්තක් නොමැති බවට ප්‍රකාශ කර ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න දෙන්න තව හොය හොයා ඇමතිකම් දෙන්න. සේරම නඩත්තු කරන්න අපි ඉන්නවානේ.
කිසි කෙනෙක්ට ලැජ්ජාවක් නැහැ
මැතිවරණ දෙකක් කට ළඟ තියාගෙන මොවුන්ට ඇමතිකම් දෙන්න හදන්නේ, මේ රංචුව පරාද උනොත් ඊට පස්සේ විශ්‍රාමික වැටුප් සහ වෙනත් ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ගහපු ලෝක තුරුම්පුවක් වගේ ඡන්ද දායකයන් දකිනවා!!!!!!!