
(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
කාර්යාල දුම්රිය මගීන්ගෙන් පැමිණිලි එනවා. වැස්සොත් ජනෙල් වහන්න බැහැ. ජනෙල් වැහුවොත් දාඩිය දානවා. ෆෑන් කැඩිලා. වැසිකිලියට යන්න බැහැ. වතුර නැහැ. මේවා හිර ගෙවල් වගේ. මාසයක් ඇතුලත මේවා හදන්න බැරි නම් ගෙදර යන්න. මේ අවසාන අවවාදය " යැයි ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතා කියා සිටියේය .
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති කළුතර දිස්ත්‍රික් මහා මාර්ග සහ ප්‍රවාහන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීය .
දුම්රියක ජනේලයක් අතට වැටිලා ජීවිතයේ පළමු දුම්රිය ගමන ගිය ජාඇල ,සීදූව පැත්තේ අවුරුදු 07 ක දරුවෙකුගේ ඇඟිලි දෙකක් තැළුණා. ඒ තාත්තා මගෙන් ඇහුවේ " අපි මේ රටේ ඉපදුනේ මොකටද කියලා.මම මේවාට ජනතාවගෙන් සමාව ඉල්ලලා සීමාවක් නැහැ .
මේවා කරන්න සල්ලි ඕන තරම් දීලා තියෙනවා. ස්වේච්ඡාවෙන් වැඩ කරන්න මිනිස්සු දෙන්නම් කියල මාර්තුවල ඉඳල කියනවා .මාසයක් ඇතුලත කුමන හෝ වර්ධනයක් පෙන්වන්න.ඒ කරන්න යන්නේ කුමක්ද කියල දින තුනක් ඇතුලත මගේ වට්ස් ඇප් එකට කෙලින්ම පණිවිඩයක් එවන්න ඕන.බැරි නම් අස් වෙලා යන්න.මේවා නොකළොත් මම දුම්රිය මගීන් එක්ක රත්මලානට එවනවා.
තිබුණු ආණ්ඩු කරපු වැරදි තිබෙනවා . නිලධාරීන් බඳවාගෙන නැහැ .සල්ලි දීලා නැහැ .දැන් ඒ සේරම වෙනස් කරගෙන යනවා .දුම් රිය දෙපාර්තමේන්තුව 1% වත් ප්‍රගතියක් පෙන්වලා නැහැ .දුම්‍රිය දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ රුපියල් මිලියන 3700 ක් වෙනත් දෙපාර්තමේන්තුවලට යවන්න සිදු වුණා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි ඇමතිතුමනි, ජනතාව වෙනුවෙන් පෙනී සිටියාට ඔබට අපගේ ආචාරය.
පසුගිය රජයන් දේශපාලන හිතවත්කම් මත බඳවාගත් රජයේ සේවකයෝත් එක්ක මේ රට කවමදාකවත් දියුණු කරන්න බෑ. උණුත් අපි ජෝඩුව වාගේම බත්කන හරක් විතරමයි. රටේ ජනතාවගේ බදු මුදල් වලින් උන්ට ගෙවන වැටුප් සහ දීමන ඔක්කොම පිං පඩි විතරමයි.
අපි දන්න කාලේ ඉදලාම ඔය දෙපාර්තමේන්තුවේ වේලාවකට වැඩ කරන්නේ නැති එයාලාගේ වේලාවට අපි යන්න ඕන කියලා හිතන පිරිසක් ඉන්න තැනක්
දුකයි .... ඒත් ඇත්තයි.
මේවා වෙනස් කිරීම ලේසි නෑ.. නිකන් ඉදන් පඩි ගන්න පිං බත් ගිලින්නෝ හෙට අනිද්දා වර්ජනය කරන්න පටන් ගනීවි.මේ අවස්ථාවේ දී දුම්රිය මගීන් ඇමැතිතුමා සමඟ සිට ගත යුතුමයි. හොදින් හෝ නරකින් මේ කාලකණ්නි ක්‍රමය වෙනස් කළ යුතුමය. මැත්නම් අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ටත් බදු ගෙවමින් පින් බත් ගිලින්නන්ට සැප දෙමින් හූල්ලන්න තමා වෙන්නෙ
මේ ඇමතියා ජීවිතේට කෝච්චියක ගිහින් නැහැ කියල මට සහතික කරන්න පුළුවන්. අර ෂෝ ඒකට ගියපු ඒවා නෙවේ. ඇත්තට සැබෑ ජීවිතේ කෝච්චියක ගිහින් වැඩ කටයුතු කරගන්න මිනිස්සු දන්නවා අමාරුව. ජනෙල් වහලා නෙවෙයි ඇරලා තිබ්බත් රස්නෙයි. ෆෑන් වැඩ නොකරන්නේ යාඩ් වලදී කුඩ්ඩො ඒවා ගලවන නිසා. ෆෑන් දැම්මත් රස්නේ කිසිම අඩුවක් නැහැ. සෙනග පිරුණ කෝච්චියක. එත් ඒවා නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නය, වෙලාවට කෝච්චි දුවන්නේ නැති එක, නිතොර පීලි පනින එක. මොකක් හරි වැදගත් වැඩක් යොදාගෙන කෝච්චියක යද්දී පීලි පැනලා පැය ගානක් දුම්රිය ධාවනය නතර වෙන එක, ඒක නිසා පාර හරියට හදා කුඩ්ඩන්ට ඇන ගලවාගන යන්න නොදී හොඳින් ආරක්ෂා කරන්න. පස්සේ සැප පහසුවට යන වැඩේ හදාගන්න පුළුවන්.
ඇත්තටම දැන් හිතෙනවා එන්පිපි ආණ්ඩුවක් ආවේ හොඳ වෙලාවට කියලා. නැත්නම් ඔහොම කිව්වත් ඇති මුන්ට වර්ජන කරවන්න සහ කරන්න.
ඕක නගා සිටුවීමට විශාල මුදල් ප්‍රමාණයක් උවමනාවේ ඔය පරණ මැදිරි රේල් පාරවල් සියලු දේ සම්පූර්ණයෙන් වෙනස් විය යුතු වේ . දැන් මොර දුන්නාට නගරයේ සැහැල්ලු දුම්රියට කොලේ මොකක්ද ? 88/89 ගිනි තැබුව ප්‍රමාණය මතකද ? ඒවාට සමාව ? රට විනාසෙට යවල දැන් කතා ?
දුම්රිය හා බස්රිය වගේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නේ සාමාන්‍ය ජනතාව හෙවත් නිර්ප්‍රභුන් නිසා ඔය ආයාතන සංවර්ධන කරන්න නගා සිටුවන්න හැත්තෑ හතෙන් පසුව බලයට ආව පාලකයන්ට කිසිදු උවමනාවන් හෝ කැමැත්තක් තිබුණේ නැහැ. එනිසා ඒවායේ සේවයේ යෙදී සිටින ඉහළ නිලධාරීයාගේ සිට පහළ සුළු සේවකයා දක්වා අතිමහත් බහුතරයක් දේශපාලන පත්වීම් ලද, පුරුද්දට වැඩට ඇවිල්ලා දවස ගෙවලා යන්න ලැහැස්ති වෙලා හිටියා මිසක රට වෙනුවෙන් ආයතනය වෙනුවෙන් තියා තමන් වෙනුවෙන්වත් යමක් කරන්න උත්සාහ කෙරුව පිරිසක් නොවෙයි. එනිසා ඔවුන්ට අයත් කාර්යයන් සඳහා යොඳන්න ඇමතිවරයාට විශාල මහන්සියක් බරක් දරන්න වෙනවා ඇත.
අනිවාර්යෙන්ම ඔහොම තමයි තීන්දු තීරණ ගන්න ඕනේ.
පහුගිය ආණ්ඩු කාලේ ඇමතිවරු කී දෙනෙක් හිටියද, හොරා කාලා බඩවඩා ගන්ඩ හැදුවා මිසක් දුම්රිය ඵලදායී සේවයක් කරන්ඩ මොනවද කෙරුවේ. වර්ජන කරපු එක නම් දැක්කා.
කොට කොටා යන බස් හරි කරදරයක්, ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කිලෝමීටර 14 පමණ දුරක් යන්න බස්රථය පැයක් පමණ ගත කරනවා , කොට කොටා යන්නේ පුලුවන්නම් මේකට විසදුමක් දෙන්න ඇමතිතුමනි , වැඩට යන එන මගේ ජිවිතෙන් දවසකට පැයකට අධික කාලයක් හැමදාම නිකරුනේ රස්තියාදු වෙනවා ,
එක් අවස්ථාවක බන්දුලට වර්ජනවල නියැලී සිටින අය ඉවත් කිරීමට අවසාන නිවේදනයක් නිකුත් කිරීමට ධෛර්යයක් තිබූ අතර වර්ජනය නතර කරන ලදී. බිමල් ඇමතිවරයා කතා කරන්නේ ඔහු ඊයේ ඉපදුණාක් මෙනි. කෙසේ වෙතත්, රජයේ මුදල් නාස්ති කිරීම වෙනුවට, 51-49 රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් මෙය පෞද්ගලීකරණය කළ යුතුය. එවිට, කාර්යක්ෂම සේවාවක් ලැබෙනු ඇත. එසේ නොමැති නම්, මෙම රජය ගිය විට ඔවුන් එම පැරණි ක්‍රමයටම යොමු වනු ඇත.
තීරණය හොඳයි ඒත් සේවකයන්ව දෙකේ කොලේට දාලා කතා කරන්න එපා.
මෙවැනි ඇමතිවරු තමයි අපේ රටට අවශ්‍ය. බහුතර රජයේ කියාගත්ත උදවිය කරන්නේ පඩිය අරගන්නේ නෑ. බෑැැැ කිය කියා එලුවෝ ටික වගේ ජනතා බදුවලින් ජීවත්වෙන එක.
ඉස්සර ගෝටා සර් ඔය විදියට කතා කළා. rMV එකේ අයට මහ බැංකුවේ අයට සහ හාල් වෙළෙන්දන්ට පස්සේ ගෝටා පැනලා ගියා. නිලදාරින් හිටියා.
ඔබ වැනි ප්‍රවාහන අමාත්‍යවරයෙකු ගැන මම හරිම ආඩම්බර වෙනවා. අපි බදු ගෙවනවා, බදු ගෙවනවා, සේවකයින්ට වැටුප්ත් ගෙවනවා. ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය අපට ලැබිය යුතු අතර තවදුරටත් නිදහසට කරුණු වලට සවන් දීමට අපි සූදානම් නැහැ.
වීරයෝ වගේ ප්‍රකාශ නිකුත් කලාට වැඩක් නෑ දුම්රිය දුවන්නේ පාඩු පිට. ඒක ලාභ කරන්න නම් ටිකට් එකේ ගාන දෙගුණේටත් වඩා වැඩි කරන්න වෙනවා. අවශ්‍ය එන්ජින් ප්‍රමාණෙන් බාගයක්වත් නෑ. මැදිරි හිඟයත් එහෙමයි. පීලි සහ සිල්පර ගොඩක් පරණයි. දුම්රිය පීලිපැනීම් වැඩි ඒ නිසයි. මැදිරි සහ දුම්රිය ස්ථාන නඩත්තුවට අවශ්‍ය සම්පත් අමතර කොටස් ගන්න සල්ලි නෑ. ඒ මුදල් රුපියල් බිලියන 50 ක් වත් දුන්නොත් යන්තම් ඔය කියන නඩත්තු ටික කරගන්න පුළුවන්. ඒත් එන්ජින් සහ මැදිරි ගන්න නම් ඒ ගාණත් හොඳටම මදියි. මෙතන කයිවාරු කොමන්ට්ස් දාපු අය දුමිරිය නඩත්තුවට වැයවෙන මුදල ගැන දන්නේ නෑ.
වීරයෝ වගේ ප්‍රකාශ නිකුත් කලාට වැඩක් නෑ දුම්රිය දුවන්නේ පාඩු පිට. ඒක ලාභ කරන්න නම් ටිකට් එකේ ගාන දෙගුණේටත් වඩා වැඩි කරන්න වෙනවා. අවශ්‍ය එන්ජින් ප්‍රමාණෙන් බාගයක්වත් නෑ. මැදිරි හිඟයත් එහෙමයි. පීලි සහ සිල්පර ගොඩක් පරණයි. දුම්රිය පීලිපැනීම් වැඩි ඒ නිසයි. මැදිරි සහ දුම්රිය ස්ථාන නඩත්තුවට අවශ්‍ය සම්පත් අමතර කොටස් ගන්න සල්ලි නෑ. ඒ මුදල් රුපියල් බිලියන 50 ක් වත් දුන්නොත් යන්තම් ඔය කියන නඩත්තු ටික කරගන්න පුළුවන්. ඒත් එන්ජින් සහ මැදිරි ගන්න නම් ඒ ගාණත් හොඳටම මදියි. මෙතන කයිවාරු කොමන්ට්ස් දාපු අය දුමිරිය නඩත්තුවට වැයවෙන මුදල ගැන දන්නේ නෑ.
මට අර ගුණයගේ බිරිල්ල උහුලන්න බෑ. ඔවුන්ගේ වටේ තව බල්ලෝ ටිකක් ඉන්නවා.