IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමැති ජීවන්ගෙන් පොලිසියට තගක්

(රංජිත් රාජපක්ෂ)

තම පාක්ෂිකයකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන් පිරසික් රැගෙන බගවන්තලාව පොලිසියට ගොස් පොලිස් ස්ථානාධිපතිට සහ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීවට බැණ තර්ජනය කර ඇත.

සැකකරු බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුව වෙත පැමිණ ඔහුගේ මිතුරෙකුගේ ගිණුමක ශේෂය පිලිබදව මුදල් කවුළුවෙන් විමසා ඇති අතර , එහිදි බැංකුවේ නිලධාරින්  පවසා ඇත්තේ වෙනත් ගණුදෙණුකරුවෙකුගේ බැංකු ගිණුම් තොරතුරු පිලිබදව වෙනත් පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි.

ඒ  සම්බන්ධයෙන් බැංකුවක කලමණාකාරවරයා සහ ඔහු අතර බහින් බස් විමක් සිදුව ඇති අතර කලමණාකාරවරයා  බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත  සැකකරු බගවන්තලාව නගර මධ්‍යයේදි අත්අඩංගුවවට ගෙන හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් උරණ වු අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා බගවන්තලාව නගරය ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා එම ස්ථානයට කැදවා බැන වැද තර්ජනය කර ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා මෙසේ කීය.

බගවන්තලාව නගරයේදී තරුණයකු අත්අඩංගුවට ගන්නා මුවාවෙන් එම තරුණයාට පොලීසිය පහරදීමේ සිදුව තිබෙනවා. ඒ පිළිබඳව එම පොලිස් නිලධාරීන්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලීසියේ වගකීමක්, එසේ වුවද නීතිය අතට ගැනීමට කිසිවකුටවත් නොහැකියි, මෙම සිදුවීමේදී පොලීසිය අත්තෝනෝමතිකව කටයුතු කර ඇති බවට ජනතාවගෙන් විවේචන එල්ල වී පවතින බවද තොණ්ඩමන් මහතා කීය.



අදහස් (11)

ඇමැති ජීවන්ගෙන් පොලිසියට තගක්

Rata Perata Sunday, 25 June 2023 12:12 PM

මේ වගේ නූගත් කාලකන්නි ආයෙත් පත් කරගන්නවද කියලා හිතලා බලන්න .ජීවන් සද්දේ වහලා හොඳට ගහගෙන ඉන්නවා

:       0       1

sena Sunday, 25 June 2023 01:00 PM

පොලිසියේ කොන්ද පන නැති කම .ඇමති කෙනෙක් කිවුව ගමන් නකුට දෙපරන්දේ ගහ ගන්නවා .ඇමතියා අල්ලලා කූඩුවේ දාලා රාජකාරියට බාධා කිරීම ගැන චෝදනා පත්‍රය එක්ක උසාවියේ දැම්මානම් ඉවරයි

:       0       0

de silva Sunday, 25 June 2023 01:48 PM

මුන්ව ඇතුලට දමන්න පොලිසියට කොන්දක් නැහැ .මෙවැනි චන්ඩි කොළඹ දී අහුවුනොත් අල්ලලා දමලා නාවලා ගන්න ඕනේ

:       0       0

Kumara Sunday, 25 June 2023 02:02 PM

හරියට දෙමල ෆිල්ම් එකක් වගේ . ඇමතිවරයා නගරය මැද පොඩි සෙල්ලමක් දාලා ,පොලිසයට ගිහින් මේ ගැටලුව විසඳගන්න තිබුනානේ

:       0       0

Kazi Shajahan Sunday, 25 June 2023 03:03 PM

අපේ පොලිස් එක දැන් සැමට එක ලොව් එක වගේ .තව ටික දවසකින් ඔය ඕ.අයි.සී මාරු කරලා ඇති බලන්න කෝ

:       0       0

Nishan Sunday, 25 June 2023 03:52 PM

ඇත්ත. මෙහිදී පොලීසිය පහරක් දෙකක් ගහනවා දැක්කා සමාජ ජාලාවලින්. එය බලවත් වරදක්. සැකකරු බොහෝම සන්සුන්ව සිටියා.

:       0       0

Bamunuarachchi Sunday, 25 June 2023 06:28 PM

කොහොමද වතු දෙමල්ලු නැග්ග තරම? පොලිස්සියට කොන්දක් තිබෙනවානම් මේ වතු දෙමළවත් අත් අඩංගුවට ගන්න. කාට ඇමති උනත් අපිට මොවුන් වතු දෙමල්ලු.

:       0       1

sam Sunday, 25 June 2023 06:39 PM

ලංකාව් බොලිවුඩ් දේශපාලනය, රටේ නීතියට අවනත නොවන නිතිය දේශපාලන බලය යොදා අතට ගන්න දේශපාලකයන් සිටිනා තුරු ලංකාව ගොඩනැගිය නොහැක.

:       0       0

විජේ Sunday, 25 June 2023 07:55 PM

තොන්ඩයගෙ මූනෙ තියන සිරියාවන්ත පාට

:       0       0

Bunny Preena Monday, 26 June 2023 10:35 AM

රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ජීවන්ට විරුද්ධව උසාවියක නඩුවක් ගොනු කරන්න පොලිසිය බයද?

:       0       3

පැරකුම් Monday, 26 June 2023 11:00 AM

මෑතකදී උතුරේ දේශපාලුවෙකුට ගත් ක්‍රියාමාර්ගය ඇයි මෙයාට නැත්තෙ? බයද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site