(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිවාස සංවර්ධන අධිකාරිය 2011 වසරේදී කිසිදු ඇපකරුවකු නොමැතිව රුපියල් කෝටි 1000කට අධික නිවාස ණය ලබාදී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මෙයට අමතරව එම අධිකාරියට 2015 වසරේදී අනවශ්‍ය පරිදි පුහුණු සේවකයන්ට 5296ක් බඳවා ගෙන ඇති බවද එහිදී තොරතුරු හෙළිවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
මෙම සේවකයන් සඳහා රුපියල් කෝටි 214 කට වැඩි මුදලක් වැටුප් හැටියට ගෙවා ඇතැයිද එම කමිටුව සඳහන් කළේය.
අධිකාරිය පසුගිය වසර පහේදී ලබා ඇති පාඩුව රුපියල් කෝටි 500 ක් බවද එහිදී තොරතුරු අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ 2011 වසරේදී උපහාර යනුවෙන් හඳුන්වමින් කෝටි 1000 ක පමණ ණය ලබාදී ඇති බවයි.
මේ ණයවලට ඇපවී ඇත්තේ අධිකාරියේ ගිණුම් ටික බවත් මෙලෙස ණය ලබාදීම අද අධිකාරියට ලොකු ශාපයක්වී ඇති බවත් ඔහු කීවේය. අධිකාරියට රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් අයවීමට ඇති බව පැවසූ සභාපති වරයා මේ තත්ත්වය යටතේ ආයතනය ලාභ ලබන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
එම කාලයේදී වැඩිපුර ණය දී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට බවත් බඳවාගත් සේවකයන්ගෙන් වැඩි පිරිසක්ද එම දිස්ත්‍රික්කයේ අය බවත් මෙහිදී තොරතුරු අනාවරණය විය. පසුගිය 2011 වර්ෂයේදී කොළඹ කළුතර මොණරාගල ජනතාවට වැඩි වශයෙන් ණය ලබාදී ඇතැයිද එහිදී සඳහන් විය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (17) රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් වීරවංස සහ සජිත් ප්‍රේමදාස.
කාටද මේ කියන්නෙ? නිකං කාලයයි ශ්‍රමයයි අපේ බදු මුදලුයි නාස්ති නොකර තමුන්ගෙ වැඩක් බලාගත්තනම් කරකද?
ඒ කාලේ හිටපු නිවාස ඇමැතිගේ සහ අනෙකුත් දේශපාලන බලපෑම් මත දීපු ණය වෙන්න ඕනෑ.
ජයන්ත සමරවීර ඡන්දෙන් පැරදිල ඔකෙ සභාපති කාලෙ කරපු හපන්කම් තමයි ඔය. ඔව කරල තමයි එයා ඊලග චන්දෙන් දිනුවෙ.
දැන් සැපද