(නිමල කොඩිතුවක්කු)
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය රැකගැනීම සඳහා ස්වසනය පහසු කරවන ඇඳන් සහ ස්වසන රෝග සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි උපකරණ කට්ටල මෙරටට ගෙන්වීමට පෞද්ගලික අංශයටද අවස්ථාව දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රජයට දැනුම් දී තිබේ.
කොරෝනා ආසාදිත තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සදහා කළ යුතු පළමු කාර්ය සෞඛ්‍යය පැත්තෙන් ආරක්ෂා වීම යැයිද එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. මෙයට අමතරව මෙවැනි වසංගත තත්ත්වයකදී ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය නීති සියල්ලක්ම සම්මත කරගන්නා ලෙසද රනිල් වික‍්‍රමසිංහ මහතා රජයට දැනුම් දී සිටියේය.
මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම සදහා ගන්නා ඉහත පියවර සියල්ලකටම එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහය ලැබෙතැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.
එංගලන්තය, නෝර්වේ ආදි රටවල් සහ පසුව හෝ ඉතාලිය කොරෝනා වයිරසය පැතිරයාම වැලැක්විමට අනුගමනය කළ ක‍්‍රමවේද ශ්‍රී ලංකාවේත් ක‍්‍රියාත්මක කිරිමට පියවර ගැනීම තුලින් වයිරසය පැතිරයාම වැලැක්වීමට ගත් ක‍්‍රියාමාර්ග කෙරෙහිද රජයේ අවධානය යොමුවිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේම ගොට්ටන් විසින් තුන් ලෝකෙටම බුද්ධිමතා යයි කියන සුත්තර පුංචා වන මමද මේ අවස්ථාවේ කුමක් හෝ බයිලා කියන්න ඕනෑම නිසා ඔන්න මම කිව්වා හොදේ..... පසුවට කව්රුවත්ම අහන්න එපා අපේ හිටපු "මහදැන මුත්ත " මුකුත් ගොන් කතාවක් කිව්වේ නැත්තේ ඇයි කියා.... එ නිසාමයි මම මේ දැන් මෙහෙම කිව්වේ හොදේ....
රනිල් මහත්තයෝ ඔබගේ ටිකිරි මොලයට තේරුම් ගන්න බැරි වුණාට ඉතාලියේ කොටුවී ඉන්න අපටතේරුම් ගන්න පුලුවන් ලංකාවෙ මොකද වෙන්නෙ කියා. ලංකාවෙත් අනුගමනය කළා නම් ලංකාවෙත් මෙ වෙනකොට භාගයකට වැඩිය කොරෝනා රෝගීන් වැඩිවෙලා.කරුණාකරලා ඔබතුමා මෙ රටවලට කියන්න.
අනේ කරුණාකරලා ඔබ මේ කරගෙන යන වැඩපිළිවෙලට අත දාන්න එපා.
ඔබතුමාට පුළුවන් උදව්වක් කරන්න. මේවට අත දාන්නේ නැතිව.
ආයෙත් ගේමකට සෙට් වෙන්නද දන්නේ නැහැ?
අර සල්ලි .. නැවත ගෙනත් දෙන්නේ කවදාද? අනිත් පණ්ඩිතකම් වලින් වැඩක් නැත ..!!!
කොරෝනා ගාපු ඇදන් සෙට් ටිකක් ගෙන්වල බායී...
අනේ කට වහගෙන ඉන්න. දන්න දෙයක් නැහැ. බැංකුවක් කඩාගෙන කන්න.
අනේ මෙහෙමත් ගොන් වස්සෙක්. හොද වැඩපිළිවෙලක් කරගෙන යන වෙලාවේ බොරදියේ මාළු බානවා.
ඇයි ඔයාගෙ හෙන්චයියන්ට හොදට ගසා කන්න වැඩ සලසා දෙන්නද මහ බැංකුව සුද්ද කරා වගේ ? දැන් හැමදෙයක්ම අපේ හමුදාවෙ කොල්ලො ටිකයි, ජනාධිපතිතුමයි, වෛද්‍යවරු ටිකයි, අදාළ අමාත්‍යංශ ටිකයි, රෝහල් වල ඉන්න සුළු සේවකයගේ ඉදන් ඉහළම පුටුවට යනකන් ඉන්න සේරම කට්ටියයි, අනිත් අදාල අංශ ටිකයි (මම සදහන් නොකළ සේරම මෙමගින් අදහස් වෙයි කියල හිතනව) එකතු වෙලා ඔය යස අපූරුවට වැඩ ටික කරන් යනව්. ඒක නිසා ඔයා කලබල නොවී ඉන්න පව් නොදී. ඔයා දන්නෙ බැංකු සුද්ද කරන්න විතරයි්.
හොරා කාපුවා මදිද තවත් ගොන් කතා කියන්නේ ?
දන්නා තරමින් නම් දැනට වයිරසය තම පාලනයට නතු කරගෙන තියෙන්නේ දක්ෂ අවංක සැබවින්ම ශ්‍රී ලංකිකයයි කියතහැකි විද්වතුන් ගෙන් සමන්විත පිරිසකි. එම කොටසට දේශපාලුවන් අයිති නැත. දෙයියනේ කියලා ඔවුනට තම මවුබිම වෙනුවෙන් කලයුතු යුතුකම් කොටස හරි හැටි ඉටුකරන්න ඉඩදීලා දේශපාලුවෝ ටික පැත්තකට උනොත් තම තමන් අදහන, විශ්වාස කරන සියලු දෙවි දේවතාවුන්ගේ ආනුභාවයෙන් එකදු හෝ කොරෝනා මරණයක් නොවී මෙරට ආරක්ශාවෙවී. සියලු ලාංකිකයන්ගේ එකම පැතුමද එයාවේ. 225 හිටපු පිස්සු බලු කොටුවේ දොර ඇරලා තියන හින්දා ආයෙත් ඇතුලට දානකන් විකාර කරන්න වටිනා මිනිස් ජිවිත බිලි නොගෙන...
අම්මෝ තවත් කන්න ඕනෙවෙලා... ඔයා ඉන්න අපට ඒ ඇති
මෙච්චර කල් රටේ ජනතාවගේ සෞඛ්‍යය දිහා නොබලපු සුත්තර පැංචාට දැනුයි මතක් වෙලා තියෙන්නේ. ලංකාවේ කොරෝා වසංගත පාලනය ලෝකයේ දියුණු රටවල් යැයි කියාගන්න රටවල් වලට වඩා ඉතා හොදින් පාලනය කරගෙන යනවා. සුත්තර පැංචා ඉරිසියාවේ පැලෙමින් බොරු ප්‍රකාශ කරමින් ජනතාව රවට්ටන්න හදනවා. මොවුන්ට යන්න වෙනම අපායක් ඇත.
නිහඩව ඉදලා බැරි තැන මොනවා මම කියන්නද ? ඒ නිසයි කට ඇරියේ....
අදහස් පලකළ සියළු දෙනාම කියන්නේ බැංකුව කොල්ලකෑවා, බැංකුව කොල්ලකෑවා කියලා විතරයි. මේ කට්ටිය හිතන් ඉන්නේ මහ බැංකු මංකොල්ලය කියන්නෙ ගමේ තියෙන ග්‍රාමීය බැංකුව රාත්‍රියක කැඩුවා වගේ මහ බැංකුවත් කැඩුවා කියලයි. එහි ඇත්තම තේරුමවත් නොදැන මෙයාගේ කාලේ විතරක් කළ දෙයක් වගේ කතා කර්. කතා කළාමත් වැැද්දක්මයි කියන්නේ. අදහස් පලකළ මහත්වරුනි, දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න.