(උපුල් තම්මිට)
අනුරාධපුර පූජා භූමියට යාබද ඇතුල්නුවර පදිංචිකරුවන් පිරිසක් නලජලය ලබා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවහිර කිරීමට එරෙහිව ඇතුල්නුවර පදිංචිකරුවෝ 100 අධික පිරිසක් අද (09) අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයට පැමින විරෝධතාවයක නිරත වූහ.
මේ අවස්ථාවේ පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දැමීමට ක්‍රියාකිරීමත් සමඟ එහි පැමිණි අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රත්නායක මහතා වහාම දොරටු විවෘත කර තබන ලෙසට අදාළ නිලධාරීන්ට නියෝග කළේය.
ඒ වනවිට විරෝධතාකරුවන් පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ පී.බී.පියතිලක මහතා රැදී සිටින ස්ථානයේ විරොධතාවයක නිරත වූ අතර එම ස්ථානයට පැමිණි අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක හා ඇතුලුනුවර ගම්වාසීන් සමඟ සාකච්ඡාවක නිරතවීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මණ්ඩාවෙළ මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමෙන් පසුව සිදුකළ විමසීමේදී මණ්ඩාවල මහතා පවසා සිටියේ ඇතුලුනුවර පදිංචි 132 කට නල ජලය ලබාගැනීම සදහා අවසර ලබා දී ඇති බවත් ලොග් පොතේ සටහනට අනුව එය ක්‍රියාත්මක කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත්ය.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙම සිදුවීමට මැදිහත්වීමෙන් සිදුවීමට ගිය විශාල ගැටුමක් මැඩපැවැත්වීමට හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම විරෝධතාවයක් සමගම හාමුදුරුකෙනෙක් සිටි. ඇයි ඒ ? මේ රටේ නිලධාරීන්ට සහ මිනිසුන්ට මේවා සාකච්ඡා කරලා විසදන්න බැරිද?
ඇතුල් නුවර කියන්නේ ලංකා ඉතිහාසයේ හදවත... ඒකේ වටිනාකම මිල කරන්න බෑ. තවතව පහසුකම් දීලා පදිංචිකරුවන් දිරිමත් කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ පදිංචිකරුවන්ට වෙන සුදුසු තැනක පදිංචිකරවලා ඇතුළුනුවර සංරක්ෂණය කරන වැඩපිළිවෙලක් යොදන එක.