(කාංචන කුමාර ආරියදාස)
හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ තිබී අද (28) දහවල් වනවිට තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.
ඒ අනුව මේ වන විට මිය ගිය ඇතින්නියන් 7 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
ඊයේ (27) වනවිට වන අලින් 4 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර අද (28) අලුයම එක ඇතින්නියකගේ මළසිරුරක් සොයාගත් බවත් එම ඇතින්නිය ආසන්නයේ වයස අවුරුදු 4ක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයකි.
මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත්, එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් බවට පත්විය. එමෙන්ම මෙම කුඩා අලි පැටවා සිය මියගිය මවගේ මුඛයට සහ සිරුරට ස්පර්ශ කරමින් නැගිට්ටවීමට සඳහා උත්සාහ කරන අයුරුද දැක ගැනීමට හැකිවිණි.
සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් යුද හමුදාව හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මළසිරුරු ඇත්දැයි සොයා සිදුකරන මෙහෙයුම් පෙරවරුවේ ආරම්භ විය. මෙම මෙහෙයුමේ දී යුද හමුදා නිලධාරීන් කණ්ඩායමට සහ ප්‍රදේශවාසීන් කණ්ඩායමකට රක්ෂිතය තුල තිබී ඒ ආකාරයෙන් තවත් ඇතින්නියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.
මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ සිදුකරන ලදී. කුඩා අලි පැටවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ඉඩ නොදෙන නිසා එම වන අලි පැටවා නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට පළවාහැර පරීක්ෂණ කටයුතු කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.
දැනට හමුවූ මළසිරුරු 7ම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීහු කියති.
මෙම සතුන් මියයෑම පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ පිළිබඳව පරීක්ෂා කරන බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
මියගිය වන අලින් නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල වශයෙන් හබරණ රක්ෂිත ප්‍රදේශයට පැමිණ සිටි අයුරුද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ජනතාව ලොකු කුඩා සියලු දෙනාම කියා සිටියේ වන අලින් ඝාතනය වීම පිළිබඳව දැඩි කම්පනයකට පත්ව සිටින බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට අලින්ගෙන් වැඩක් නැහැ. හංසයෙක්ට මොනවා හරි වුණොත් එයාලා බලයි. අනේ අපේ රටේ අලි සම්පතට ගිය කලක්..
අපේ අර ඒ දණ්ඩේ යන, ක්‍රිකට් ගහන, දුවන පනින අපේක්ෂකතුමා නම් නිතරම යාල වනෝද්‍යානයේ සැරිසරන්න රුසියා.. හැබැයි වන සතුන්ට ආදරේට නෙමෙයි, වන සතුන්ගේ මසට ඇති කෑදරකමට...
අපේ රටේ මිනිස්සුන්ට දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නොමැත. ලෙඩක් හැදිලා කැලේ සතෙක් මැරුණත් ඒකට අදහස් දාන්නෙත් ආණ්ඩුව ගාගෙන..
මේ සඳහා කවුරුහරි මිනිස්සු සම්බන්ධ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි.
සාමාන්‍යයෙන් අලි රංචුවක ඉන්නේ ඔක්කොම ගැහැණු සත්තු නේද? මේක වසදීමක් නම් ඒ කාලකන්නින්ට අනිවාර්යයෙන්ම මිනීමරුවන්ට දෙන දඬුවම් දියයුතුයි.
අලි ඇතුන් ගෙවල් වලට ඇවිල්ල හානි කරන එක නවත්තන්න ගමේම එවුන් සෙට් වෙලා මේක කළා කියල තමයි මට හිතෙන්නේ. අර සමහර මිනී මරුවෝ පොලිසිය ආපුවහම මුකුත් නෑ වගේ මරුන අයව බලන්න එනවා වගේ ඕක කළ එවුනුත් ඔතනම ගැවසී ගැවසී ඇති. ඕකුන් අල්ලලා ගස් බැඳලා කකුල් වලට වෙඩි තියන්න ඕනේ ආයේ ඇවිදින්න බැරිවෙන්න.
යම්කිසි පෙරහුරුවක් වෙන්න පුළුවන්... එක පිරිසක් තව පිරිසක් අවසන් කරන්න යෙදු වැඩපිළිවෙලක ... අවධියෙන් සිටි, වසර දහස් ගණනකට පෙර අප විසින් මෙහි සිටි ආදිවාසීන් නැති කළෙත් රාජ්‍ය උත්සවයක් කැඳවා ඔය විදිහටලු.. දැන් පෙර පව් ගෙවන්න කාලය හරිවත්ද?
කොළඹ ලස්සන කරන්න ගිහින් නගරයේ නිදා සිටි යාචකයින්ගේ ඔලුවලට ගල්වලින් කුරිරු ලෙස පහර දී ඝාතනය කළ බුදුන් වැඩි අපේ දේශය.. පෘතුවි තලයේ මේතාක් කල් නිර්මාණය වී ඇති මිල තක්සේරුවක් කළ නොහැකි මිනිස් ජීවිතවලට එසේ විනකළා නම් මිලක් නියම කළහැකි වන සතුන්ට අත්කර දෙන ඉරණම ගැන කවර කතාද?
යාගයක් කරන්න කියලා තමයි අලි මරලා තියෙන්නේ. ඇතින්නියෝ 7ක්ම මරලා.
මේ සිද්ධිය අද ජාතන්තර මාධ්‍ය ගණනාවක්ම වාර්තා කරලා තිබ්බා. මට නම් ඒවායේ දාලා තිබ්බ ප්‍රතිචාර කියවන්නත් ලැජ්ජයි. වෙන රටවල මිනිස්සු හිතන්නේ ලංකාවේ ඉන්නේ වනචාරී ගතිගුණ තියන මිනිස්සු කියලා. මේවගේ සිදුවීම් අපේ සංචාරක කර්මාන්තයටත් බලපානවා.
අපේක්ෂක තුමෙක් අපල දුරුවෙන්න කියලා ඇතින්නියන් 7ක බිලි පූජාවක් කරලා කියලයි ආරංචිය.. අලි ගැන හොඳට දන්න කෙනෙක්...