IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඇත්ත දැනගන්න රෝමයේදී දිව්‍ය පුජා යාගයක්

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ දී සිදුවූ දෙය තේරුම් ගන්නට ගෙන යන ප්‍රයත්නය සඵලමත් කරන්නැයි දෙවියන් වහන්සේට යාඥා කරන බව  රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී අද (25) පැවති විශේෂ දිව්‍ය පූජා යාගයේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

එදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය හා තුවාල ලැබූවන් වෙනුවෙන් මෙන්ම රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්වය තුරන් වීම සඳහා දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලබාදෙන ලෙස ද කොළඹ අගරදගුරුතුමෝ ඉල්ලා සිටියහ.

වතිකානයට ගොස් සිටින මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඇතුළු රදගුරුතුමන්ලාත්, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් ඇතුළු විශාල පිරිසක් පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් සිහිකරමින් රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී විශේෂ දේව මෙහෙයක් සහ දේව කන්නලව්වක් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පමණ පැවැත්වූහ.

මෙහිදී ප්‍රැන්සිස් පාප් වහන්සේ ද පැමිණ ප්‍රහාරයේ වින්දිතයන් ඇමතූ අතර ඔවුන්ට ආශීර්වාද කළහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සමඟ රදගුරුතුමන්ලා, පියතුමන්ලා මෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ අය සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙන්ම  ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඡායාරූප ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, ප්‍රහාරයෙන් සදාකාලික ආබාධිත වූ පිරිසක් ද මෙයට එක්ව සිටියහ.

“අද අපි ශුද්ධ වූ පේදුරුතුමාගේ බැසිලිකා දේවස්ථානයට රැස්ව සිටින්නේ අපේ රට වෙනුවෙන් විශේෂ ආකාරයෙන් යාඥා කරන්නටයි. ඒ නිසා අපේ රට තුළ දැන් උද්ගත වී ඇති තත්වය වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ ආරක්‍ෂාව ද ආශීර්වාදය ද ඉල්ලා යාඥා කරමු. එලෙසම පාස්කු ප්‍රහාරයෙන් මරණයට පත් අප සොයුරු සොයුරියන් වෙනුවෙන් යාඥා කරමු. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් තුවාල වූ, ජීවිතාන්තය දක්වා රෝද පුටුවට සීමා වූ සොයුරු සොයුරියන් වෙනුවෙන් ද යාඥා කරමු. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අප ඔබ වහන්සේගේ හස්තයට භාර කරනවා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය, තුවාල වූ සියලු දෙනාට සහනය දෙන්න. එදා සිදුවූ දෙය තේරුම් ගන්නට අප ගෙන යන ප්‍රයත්නය සඵලමත් කළ මැනව.” යැයි ද දේව මෙහෙය පවත්වමින් කාදිනල්තුමෝ පැවසූහ.

 



අදහස් (0)

ඇත්ත දැනගන්න රෝමයේදී දිව්‍ය පුජා යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 217 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 730 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1157 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site