(අංජුල මහික වීරරත්න)
මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි තෙවසර ඇතුලත ගෙඩි මිලියන 1000ක් දක්වා ඉහල නැංවීමට වැඩ පිලිවෙක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වනවිට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3600ක් වන අතර ඉන් ගෙඩි මිලියන 1800 ක් වාර්ෂික පරිභෝජනය සඳහා යොදා ගන්නා බව අමාත්‍යවරයා කීය.
කර්මාන්ත සඳහා තවත් ගෙඩි මිලියන 600ක අවශ්‍යතාවය ඇතැයි කී අමාත්‍යවරයා මෙම පරතරය පියවා ගැනීම සඳහා අඩු තරමින් එක් ගසකින් ලබා ගන්නා ප්‍රමාණය පොල් ගෙඩි දෙකකින්වත් ඉහළ දැමිය යුතු යැයි පැවසීය.
එමෙන්ම රිලවුන්, දඬුලේනුන් හා වඳුරන් විසින් වාර්ෂිකව විනාශ කරන පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 250ද ඉක්මවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සූරියවැව විහරගල ගම්මානයේ ගොවි පවුල් සියයකට නොමිලයේ පොල් පැල බෙදා දීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් වගා වැඩසටහන යටතේ මේ වනවිට පොල් පැල 50,000ක් නොමිලයේ බෙදා දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කයිවාරු තියෙනවා..වැඩ බිංදුවයි...
ඔය කයිවාරු තවත් අපිට එපා,අපි තමන්ව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. අපි කොහොම හරි පොල් කනවා නමුත් තමුන්ට හෙට අනිද්දාම කන්න වෙන්නේ " පස් ".හැබැයි පස් කන්න ඉස්සෙල්ලා...කරලා තියෙන අලුගුත්තේරු හොර කපටි අම්බ්‍රෂ්ට වැඩවලට " හිරබත් " කන්න වෙනවාමයි.හිරෙන් එලියට ආපු කාලෙක ගමේ කොල්ලෝ කුරුට්ටන්ගෙන් ගුටි කාලා ..අන්තිමට පස්කන්න වෙනවා.
පොල් මෝඩයෝ කොහෙද සැලසුම් හදන්නේ ?පොල්පලා බෙදලා චන්දෙ දෙයි කියලා හිතුවද ?
මින් අවුරුදු 30 කට හතළිහකට කලින් තිබුණු ජීවන වියදමට වඩා සිය ගුණයක් ජීවන වියදම වැඩි වෙලා.පොහොර මිල වැඩි වෙලා .නමුත් පොල් ගෙඩියක මිල වැඩිවෙලා තියෙන්නේ කීයකින්ද ?ඉතින් මොනා ගොනාද පොල් වවන්න උනන්දු වෙන්නේ ?
ඔහෙලා ඔක්කොමල පුද්ගලික අරමුනු ගැන මෙච්චර කල් හිතුව මිසක් රට ගැන හිතුවෙ නැති නිසා තමයි රට අද මෙ තත්වෙ තියෙන්නෙ.
රිලවුන් දඬු ලේනුන් වඳුරන් ගෙඩි කනව.. ඉත්තෑවන් පැල විනාශ කරනව. මේ සතුන් වඳ නොකර ලංකාවේ කිසිම වගාවක් බෑ. තලගොයා තව ප්‍රශ්නයක්...