IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇඟලුම් අපනයනයේ කඩා වැටීමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර්  මිලියන 1843.3 ක මුදලක් උපාය තිබෙන බවත් එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමඟ සසඳන විට සියයට 16.5 ක පහත වැටීමක් බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2206.6 ක් උපයා තිබෙන බව එම දත්ත වාර්තා වල සඳහන් වේ.ගෝලීය ආර්ථිකය පසුබෑමට ලක්වීම හේතුවෙන් මෙම වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඉපැයීම් සියයට 14.2 කින් පහත වැටී ඇති බවද එම දත්ත වාර්තාව පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ රෙදිපිළි අපනයන ආදායමද සියයට 3.1 කින් පහත වැටී ඇති බවත් අනෙකුත් නිමකළ රෙදිපිළි ද්‍රව්‍ය සියයට 19 කින් පහත වැටී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

 



අදහස් (5)

ඇඟලුම් අපනයනයේ කඩා වැටීමක්

sam Tuesday, 04 July 2023 11:55 AM

ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනය කඩාවැටීමක් පෙන්වන්නේනම් එය ආර්ථිකය කඩාවැටීමක් පමණක් නොව නව ඇඟලුම් කර්මාන්ත පමණක් නොව වෙනත් කර්මන්ත සදහා ආයෝජකයන්ගේ පමිනිමක්ද නොමැතිවා වෙන්නා පුළුවන. ඇඟලුම් කර්මාන්තයේ නියැලී බොහෝ පිරිසක් වෙනත් රටවල වෙනත් රැකියාවන් වෙත යොමුවීම සහ ලංකාවේ skill labor අඩුවක් දක්නට ලැබේ, බොහෝ පුහුනුවන්නාවූ තරුණ සහ තරුණියන් වෙනත් රටවල රකියාසදහා පිටත්ව යයි. ඉදිරි වසර 10 - 20 කාලයතුල තුල මැදපෙරදිග විශාල වසයෙන් ඉන්දන අඩුවීමක් පෙන්නුම කරනු ඇත.

:       2       2

Nimal Tuesday, 04 July 2023 12:14 PM

ආර්ථික අර්බුධයෙන් මිදීමට අපේ රටේ කාර්ය සාධනය අතිශයින්ම ප්‍රශස්තයි

:       0       2

swneTuesday, 04 July 2023 02:55 PM

එක එක අංශවල කඩා වැටීම සිදුවන විට කොහොමද කාර්යය සාධනය ප්‍රශස්තවන්නේ ? මානසික රෝහලට ගිහිල්ලා ප්‍රතිකාර ගත්තොත් නරකද ?

:       0       0

Akila Tuesday, 04 July 2023 12:28 PM

මෙයට ගෝලීය ආර්ථිකය බලපාලා නම් කොහොමද? බංගලිදෙශේ මේ අවුරුද්දේ මුල් මාස 6 දී ඇඟලුම් අදායම් ඔවුන් අපේෂා කරපු අගයන් වලටත් වඩා වැඩි වෙලා තියෙන්නේ ?

:       1       9

Bunny Preena Thursday, 06 July 2023 10:31 AM

ගනුදෙනු කරන රටවල මිනිස්සු ඇඳුම් අඳින එක අඩුකරලා වත්ද ?එහෙම උනානම් හොඳට තියෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site