
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1843.3 ක මුදලක් උපාය තිබෙන බවත් එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමඟ සසඳන විට සියයට 16.5 ක පහත වැටීමක් බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2206.6 ක් උපයා තිබෙන බව එම දත්ත වාර්තා වල සඳහන් වේ.ගෝලීය ආර්ථිකය පසුබෑමට ලක්වීම හේතුවෙන් මෙම වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඉපැයීම් සියයට 14.2 කින් පහත වැටී ඇති බවද එම දත්ත වාර්තාව පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ රෙදිපිළි අපනයන ආදායමද සියයට 3.1 කින් පහත වැටී ඇති බවත් අනෙකුත් නිමකළ රෙදිපිළි ද්‍රව්‍ය සියයට 19 කින් පහත වැටී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනය කඩාවැටීමක් පෙන්වන්නේනම් එය ආර්ථිකය කඩාවැටීමක් පමණක් නොව නව ඇඟලුම් කර්මාන්ත පමණක් නොව වෙනත් කර්මන්ත සදහා ආයෝජකයන්ගේ පමිනිමක්ද නොමැතිවා වෙන්නා පුළුවන. ඇඟලුම් කර්මාන්තයේ නියැලී බොහෝ පිරිසක් වෙනත් රටවල වෙනත් රැකියාවන් වෙත යොමුවීම සහ ලංකාවේ skill labor අඩුවක් දක්නට ලැබේ, බොහෝ පුහුනුවන්නාවූ තරුණ සහ තරුණියන් වෙනත් රටවල රකියාසදහා පිටත්ව යයි. ඉදිරි වසර 10 - 20 කාලයතුල තුල මැදපෙරදිග විශාල වසයෙන් ඉන්දන අඩුවීමක් පෙන්නුම කරනු ඇත.
ආර්ථික අර්බුධයෙන් මිදීමට අපේ රටේ කාර්ය සාධනය අතිශයින්ම ප්‍රශස්තයි
මෙයට ගෝලීය ආර්ථිකය බලපාලා නම් කොහොමද? බංගලිදෙශේ මේ අවුරුද්දේ මුල් මාස 6 දී ඇඟලුම් අදායම් ඔවුන් අපේෂා කරපු අගයන් වලටත් වඩා වැඩි වෙලා තියෙන්නේ ?
ගනුදෙනු කරන රටවල මිනිස්සු ඇඳුම් අඳින එක අඩුකරලා වත්ද ?එහෙම උනානම් හොඳට තියෙයි