IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇඟ විකිණූ කතුන් 12ක් මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි)

කඩුවෙල නගරයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තාවන් මුදලට විකිණූ ස්ථාන හතරක් වටලා කාන්තාවන් 12 දෙනකු ඇතුලු 16 දෙනකු  අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.

ලද පැමිණිලි කිහිපයක් මත කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි අධිකරණය නියෝග මත ලබා ගත් වරෙන්තු අනුව මෙම වැටලීම සිදු කර ඇත.

අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 12 දෙනකු කළමණාකරුවන් ලෙස සේවය කළ පිරිමි පුද්ගලයන් සිව්දෙනකු වන බවද පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කිරිදිවැල බලංගොඩ හංවැල්ල බියගම පොලොන්නරුව ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සැකකාරියන් වයස අවුරැදු 20 ත් 40ත් වයසේ වන විවාහක කාන්තාවන් බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් සහ සැකකාරියන් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 



අදහස් (3)

ඇඟ විකිණූ කතුන් 12ක් මාට්ටු

සල්ලි Thursday, 08 June 2023 07:09 PM

රට විකිණූ අතිගරු හාමුලා අත් අඩංගුවට ගන්නේ කවදාද?

:       0       3

prasanna Thursday, 08 June 2023 08:12 PM

තෝරගෙන තියෙන්නේ... තමන් කැමැති රස්සාවනේ... අපේ මොකද?

:       0       5

Bamunuarachchi Friday, 09 June 2023 07:23 PM

මොවුන්ට රට විකුණන්න පුළුවන් මට මගේ ඇඟ විකුනන්න බැහැ... මේක මාර වැඩක්නේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site