(අංජුල මහික වීරරත්න)
සහල් ආනයනය කිරීම සඳහා ආහාර කමිටුව ගත් තීරණයට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා දැඩි ලෙස විරෝධය පළ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (4)ලිඛිතව දැනුම් දී තිබේ.
මේ වන විට වී අස්වනු නෙලන සමය උදාවී ඇති හෙයින් සහල් ආනයනය කළහොත් ලාංකික ගොවීන්ට වී අස්වැන්න විකුණා ගන්නට නොහැකි වනු ඇති බවද මෙම ගැටලුවට වහාම පියවරක් ගන්නා ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිවරයාට දන්වා යවා ඇත.
මෙවර හෙක්ටයාර හත් ලක්ෂ අසූ දහසක වී වගා කර තිබෙන අතර එයින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක් ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස්. ඒ මදිවට බදුත් නැතිවයි ආනයනය කරන්න යන්නේ... හැමතැනම හොරු...
මම අහලා තියෙන විදියට ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ආණ්ඩුව යටතේ කෘෂිකර්ම හා ආහාර තිබුනා කියන්නේ ඇම්.ඩී බණ්ඩා ඇමැතිතුමා යටතේ තමයි ඉතින්... ඔහොම ප්‍රශ්න ඇතිවුණේ නැහැ. එනිසා ඉදිරි සෑම ආණ්ඩුවක් යටතේම කෘෂිකර්ම හා ආහාර එක් අමාත්‍යාංශයක තියෙනවා නම් ලොකුම සේවයක් වෙනවා... ගරු ඇමැතිතුමාට ජයවේවා...!
මේ අයගේ විරෝධය, ජනතාව ගොනාට අන්දන්න කරන විරෝධයක්... ඡන්දෙකදී බලාගන්න හරියට... ජනතා විරෝධය කොහොමද කියලා...!
බොරු කයිවාරු විතරයි... රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න මොනවාද කරලා තියෙන්නේ...? මේ රටේ ආර්ථිකය ගොඩගන්න හොඳම තැන කෘෂිකර්මාන්තය.. දැන් පලා මිටියත් පිටරටින් ගේනවා.. කෘෂි බිම් පිට්ටනි හදන්න දෙනවා... රටේ අතිරික්තයක්ව තිබුණු ලොකු ළූණු.. දැන් මොකද වුණේ...?
අමරවීර මහත්තයෝ, ඔය වෙළඳ හා ආහාර ඇමැතියාටත් කොමිස් කීයක්හරි හම්බ කරගන්න ඉඩ දෙන්න.. ඕනෑම නම් ඔයත් කීයක් හරි ඉල්ලාගන්න. එතකොට හරිනේ...!
ආ... පිටපත ඩිංගක් වෙනස් කරන්න හදනවා වගේ... කාගෙ කොමිස් පංගුවට ද අනින්න යන්නෙ??