IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආහාර කමිටුව ගත් තීරණයට කෘෂි ඇමතිගේ විරෝධය

 

(අංජුල මහික වීරරත්න)

සහල් ආනයනය කිරීම සඳහා ආහාර කමිටුව ගත් තීරණයට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා දැඩි ලෙස විරෝධය පළ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (4)ලිඛිතව දැනුම් දී තිබේ.

මේ වන විට වී අස්වනු නෙලන සමය උදාවී ඇති හෙයින් සහල් ආනයනය කළහොත් ලාංකික ගොවීන්ට වී අස්වැන්න විකුණා ගන්නට නොහැකි වනු ඇති බවද මෙම ගැටලුවට වහාම පියවරක් ගන්නා ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිවරයාට දන්වා යවා ඇත.

මෙවර හෙක්ටයාර හත් ලක්ෂ අසූ දහසක වී වගා කර තිබෙන අතර එයින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක්  ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

 



අදහස් (7)

ආහාර කමිටුව ගත් තීරණයට කෘෂි ඇමතිගේ විරෝධය

රංබොඩ Thursday, 04 January 2024 07:29 PM

කොමිස්. ඒ මදිවට බදුත් නැතිවයි ආනයනය කරන්න යන්නේ... හැමතැනම හොරු...

:       0       20

දයාසේන Thursday, 04 January 2024 07:45 PM

මම අහලා තියෙන විදියට ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ආණ්ඩුව යටතේ කෘෂිකර්ම හා ආහාර තිබුනා කියන්නේ ඇම්.ඩී බණ්ඩා ඇමැතිතුමා යටතේ තමයි ඉතින්... ඔහොම ප්‍රශ්න ඇතිවුණේ නැහැ. එනිසා ඉදිරි සෑම ආණ්ඩුවක් යටතේම කෘෂිකර්ම හා ආහාර එක් අමාත්‍යාංශයක තියෙනවා නම් ලොකුම සේවයක් වෙනවා... ගරු ඇමැතිතුමාට ජයවේවා...!

:       1       11

සුරනිමලFriday, 05 January 2024 07:09 AM

ඒ කාලයේ විද්‍යාත්මකව අමාත්‍යාංශ වෙන්කිරීම නොකලාට වර්තමානයේ අධ්‍යාපන හා මහාමාර්ග ලෙසට වගේ විද්‍යාත්මකව අමාත්‍යාංශ වෙන්කලාම ඔහොම වෙන්න පුළුවන්

:       0       1

ranjith Friday, 05 January 2024 07:22 AM

මේ අයගේ විරෝධය, ජනතාව ගොනාට අන්දන්න කරන විරෝධයක්... ඡන්දෙකදී බලාගන්න හරියට... ජනතා විරෝධය කොහොමද කියලා...!

:       0       1

චන්දන Friday, 05 January 2024 07:57 AM

බොරු කයිවාරු විතරයි... රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න මොනවාද කරලා තියෙන්නේ...? මේ රටේ ආර්ථිකය ගොඩගන්න හොඳම තැන කෘෂිකර්මාන්තය.. දැන් පලා මිටියත් පිටරටින් ගේනවා.. කෘෂි බිම් පිට්ටනි හදන්න දෙනවා... රටේ අතිරික්තයක්ව තිබුණු ලොකු ළූණු.. දැන් මොකද වුණේ...?

:       0       2

සොරිසේන Friday, 05 January 2024 07:59 AM

අමරවීර මහත්තයෝ, ඔය වෙළඳ හා ආහාර ඇමැතියාටත් කොමිස් කීයක්හරි හම්බ කරගන්න ඉඩ දෙන්න.. ඕනෑම නම් ඔයත් කීයක් හරි ඉල්ලාගන්න. එතකොට හරිනේ...!

:       0       1

Sharm Friday, 05 January 2024 09:47 AM

ආ... පිටපත ඩිංගක් වෙනස් කරන්න හදනවා වගේ... කාගෙ කොමිස් පංගුවට ද අනින්න යන්නෙ??

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site