( චන්ද්‍රසේන ගමගේ)
මෑතකදී ආනයනය කිරීම තහනම් කර ඇති ආහාර වර්ග 17 ක් ඉදිරියටත් ආනයනය නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (19) දින මැදමුලන පල්ලෙමුලන දී පැවසීය.
‘’පුදබිමට ගෙවත්තක්’’ රුක් රෝපන ජාතික වැඩසටහන පල්ලෙමුලන ධර්මගිරිගිරුවා සදවිහාරයේදි ආරම්භ කිරීමෙන් අනතුරුව ඇමති චමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමති චමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.මේ වන විට කොරෝනා වෛරසය අපිට ආශිර්වාදයක් වි තිබෙනවා.මේ රට පසුගාමී රටක් කරන්නට බලපෑ හේතු අපි නැති කරන්න කටයුතු කරමින් තිබෙනවා.
මේ වන විට මේ රටේ වවන්න පුළුවන් මුං කවුපි වැනි ධාන්‍ය වර්ග මේ රට ට අවශ්‍ය පරිදි වගා කරන්නත් එම ආහාර ද්‍රව්‍ය පිට රටින් ආනයනය කිරීම නැවැත්වීමටත් ආණ්ඩුව කටයුතු කරනවා. එම ප්‍රතිපත්තිය තුළින් මේ රටේ ජාතික ධනය ඉතිරි කර ගැනීමටත් හැකි වෙනවා. මෙම ජාතික වැඩ පිළිවෙලට මේ රටේ ජනතාව විශාල දායකත්වයක් දක්වනවා. එම ජනතාවට තමන් ගේ ස්තුතිය හිමිවෙන බවද ආමත්‍ය චමල් රාජපක්ෂ මහතා එහිදි පැවසීය. ‘ආනයනික කටයුතු ඉදිරියේදීත් සීමා කරනවා’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
70 ගණන් වල හිටි ආණ්ඩුවේ ලොක්කෝ ඔහොමම ආනයන සීමා කළා, මිනිස්සුන්ට ඒවා මෙහෙ වවාගන්න නියෝග කළා, එත් ඒ නීති ලොක්කන්ට අදාළ වුනේ නෑ,ඔවුන් හොඳට කෑවා බිව්වා, ඔවුන්ගේ ළමයි අසල්වැසි රටවලට යැව්වා ඉගෙන ගන්න, අපේ රටේ ඔය කිසි සීමාවක් බලය තියෙන අයට අදාළ නැති බව ඉතිහාසය පුරාම අපි අත්දැකල තියෙන නිසා. ඔවුන්ට ඒවාට නිදහසට කාරණාත් තියෙනවා, අපි කියන්නේ මුළු රටටම සීමා පනවනවා නම් ඒවා නායක කාරකාදීන්ටත් අදාළ වන්න ඕන කියලයි. ඉතින් අපට මේ රටේ ඔය සීමා පැනවීම් ගැන තියෙන්නේ විචිකිච්චාවක්, ඔය අහිංසක මිනිස්සු අන්දන්න කියන කතා අපි තඹයකට ගණන් ගන්නෙත් නෑ
සම්පුර්ණයෙන්ම ආනයනය කරන්න තහනම් කලයුතු දේවල් මෙන්න. 1. රථ වාහන. මේ රට වාහන වලින් පිරිලා පුපුරන්න ලඟයි අවුරුදු 5 කට. මෙය සියලු දෙනාටම පොදු විය යුතුයි. අවුරුදු 5 කට කිසිම වාහනයක් ආනයනය නොකළ යුතුයි.විදේශ රටක සේවය කරන කෙනෙකුට තමන්ගේ වාහනය ගෙන ආ හැකිවේ. නමුත් එය කිසිම විදිහකින් වසර 5 කට කලින් වීකිණීම තහනම් කලයුතුයි.
ඔය කිසි දෙයක් වෙන්නෙ නෑ බාර් ටික ඇරියාම.
සතුටුයි අහන්න ස්තූතියි සර්
පසුගිය කාලයේ එක් ඇමතිවරයෙක් කිව්වා ප්‍රති අපනයනයෙන් රේගු ආදායම වැඩිවෙනවා කියල. එයාට හිතෙන්න නැතිව ඇති ආනයනය කිරීමෙන් රටේ ධනය විශාල වශයෙන් විදේශයන්ට ඇදීයනවා කියල. මෙය දිගටම ක්‍රියාත්මක වුනොත් රටට යහපතක්...
ඇති යන්තන් පොඩ්ඩක් හරි හිතන්න පුරුදුවෙන එක. මෙරට වගා කළහැකි ආහාර ද්‍රව්‍ය කියක් පිටරටින් ගෙනාවාද? "රටවට මුහුදයි, සිප එන සුළඟයි මෙහි නොවැවෙන කිසිවක් ඇතිදෝ " ඔං ඔහොම කියලා තමයි අපි ඉස්සර කෑවේ බීවේ. කාක්කෝ ටික කොමිස් වලට රට විකුනන්න පටන් ගත්තේ ඊට පස්සේ. ඉතිරි ටික නොදන්නේ ඉපදෙන්න ඉන්න දරුවෝ පමණි .
පවුල් පාලනේ අයගේ කෑම වලට නම් අවුලක් නෙතුව ඇති ...
ඔවු ඔවු කොරෝන ආශිර්වාදයක් වෙලා..., ඉස්සර සමහරු සුනාමියත් ආශිර්වාදයක් කරගත්ත..., මිනීමරු ප්‍රභාකරන්ගේ යුද්ධයත් ආශීර්වාදයක් කරගත්ත... අපේ නම් රැකි රක්ෂා ව්‍යාපාර අඩපන වෙලා..., හාමතේ, සමහරු පිට රටවල හිරවෙලා මර බියේ...
පාලකයෝ, වර්තමාන, අතීත බොහෝ දෙනෙක් රටට බොහෝ විනාශයන් කල අයවලුන් තමා. උමා ඔය යෝජනා ක්‍රමයම උදාහරණයක්. මොනවා උනත් බොහෝ දේවල් මෙරට නිපදවන්න පුළුවන්. අඩු තරමින් කන බොන සියලු දේවල්. ඒ වගේම රටේ බොහෝ දෙනෙක් පහුගිය කාලයේ කල කී දේවල් අපේ රටේ තරමට වැඩි. උත්සවයක් ගත්තත් මගුලක්, මරණයක් විතරක් නොවේ... ආගමික සිද්ධස්ථානවල උනත් වියදම් කලේ ලෝකේ ලොකුම ධනවත් රටේ වගේ. මතකනේ රුවන්වැලි සැයේ කොත් වහන්සේ. මැණික්, රත්රන් කෝටිම කීයක්ද? හැදුවේ සිංගප්පුරුවේ? මේ දැන් ලැබෙන්නේ ඒ කල කී දේවල් වලට තැපෑලෙන් ලැබෙන දඬුවම. අපට පුළුවන් විදියට සරලව දිවි ගෙවන්න පුරුදු වෙන්න කාලේ හරි. ගිහි පැවිදි දෙපක්ෂයටම....