( තිළිණි ද සිල්වා)
2019 වසරේ ආසියාවේ නැගී එන හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව, අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත‍්‍ර වී ඇත.
”ට‍්‍රැවල් ලෙමින් ඩොට් කොම් ’’ වෙබ් අඩවිය විසින් ලෝකය පුරා ප‍්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොක්කරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් මෙලෙස ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම නැගී එන ගමනාන්තය වශයෙන් තේරී පත්වී තිබේ.
මීට අමතරව යුරෝපා මහද්වීපයෙන් සංචාරය කිරීමට හොඳම රට ලෙස සර්බියාව ද , උතුරු අමෙරිකා මහද්වීපයෙන් මෙක්සිකෝව ද , අප‍්‍රිකා මහද්වීපයේ සංචාරය කිරීමට හොඳම රට ලෙස මලාවි රාජ්‍යය ද තේරී පත් වී ඇත.
සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම, වනාන්තර සහ දර්ශනීය වෙරළ තීරය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී දැක ගැනීමට හැකිවන බව ‘‘ ට‍්‍රැවල් ලෙමින් ඩෙට් කොම්” වෙබ් අඩවිය සඳහන් කරයි.
එමෙන්ම යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කරනු ලැබූ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ දී දැක ගැනීමට හැකිවන බව, එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.
2019 වසරේ සංචාරය කිරීමට සුදුසුම රටවල් තෝරා ගැනීම සඳහා ලෝකයේ මහද්වීප 6ක් යොදා ගෙන මෙම ඡන්ද විමසීම පැවැත්විණි. මීට පෙර ද ලෝක ප‍්‍රකට ”ලෝන්ලි ප්ලැනට්” සඟරාව ලෝකය සංචාරය කිරීමට සුදුසුම රටවල් අතරට ශ්‍රී ලංකාව ද හඳුන්වා දෙනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආසියාවේ හොඳම නැගී එන ගමනාන්තය ශ්‍රී ලංකාව
prabash Monday, 31 December 2018 07:53 AM
මේ රටේ තිබුණු යුද්ධය නිමකරපු නායකයින්ට මේකේ ගෞරවය හිමිවෙන්න ඕනෑ..
rasiTuesday, 01 January 2019 09:30 AM
සංචාරකයෝ නරඹන්න එන සීගිරිය, අනුරාධපුර හා පොළොන්නරු වැනි නගර වල ඉපැරණි ඉදිකිරීම් කරපු රජවරුන්ට නම් කිසිම ගෞරවයක් දෙන්නේ නැහැ.