(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වී තිබෙන බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදු කර ඇත.ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.ශ්‍රී ලංකාවේ 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5555 ක් බව එහි දැක්වේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වෙනි ස්ථානය උතුරු කොරියාවට හිමි වී තිබෙන අතර 2021 වසරේ එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 කි.
දෙවන සහ තුන්වන ස්ථාන ඇෆ්ගනිස්තානයට සහ ටජිකිස්තානයට හිමිව තිබේ. එම රටවල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 1149 සහ 1561 ක් වේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ 20 වෙනි ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියාවට වන අතර එහි 2021 වසරේ එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7178 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගණනය කිරීම්වලට යොදා ගන්න නිර්ණායක ගැනත් හොයල බලන්න ඕන. කොහොම උනත් ලංකාවේ පාරවල යන නවීන වාහන, මිනිස්සු පාවිච්චි කරන ස්මාට් දුරකථන දැක්කම, තබාරුම්වල පෝලිම් දැක්කම, බෝජුන්හල්වල කෑම කන්න ඉන්න සේනාව දැක්කම නම් මේක දුප්පත් රටක් ද කියල දෙසැරයක් තුන්සැරයක් හිතන්න වෙනවා. බණ්ඩාරවෙල ඉස්කෝලෙකට ආධාර දෙන්න ආපු සුද්දත් පුදුම උනේ එකනේ.
මෙහි ගෞරවය නිදහසින් පසුව පාර්ලිමේන්තුවේ සිටි සියලු සමාජවාදීන්ට හිමිවෙනවා අන්සතු සැපතට ඊර්ෂ්‍යා කර පුද්ගලික අංශයේ විනාශය ඇතිකිරීමේ පුරෝගාමී රදල පංතියට දෙවැනි තැන දෙන්න පුළුවන් හරිම සතුටුයි අපේ හිටපු හා සිටින සියලු දේශපාලුවො නැවත නැවතත් සිරි ලංකාවේ ඉපදී මේරට ආසියාවේ දුප්පත් කමින් පළමු තැනටම ගෙන ඒවා
මෙම ගණන් පිලිබදව නැවත සොයා බලන්න. ඒක පුද්දගල දළ දේ.නි වැඩිනම් ඒක හොද රටක්. එතකොට 931 වෙලා පළවෙනියා වෙලා
දශක පහක් පමණ මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු රනිල් සියා සහ මහින්ද සියා ගේ කෙරුවාව තමයි මේ
ලංකාවේ දූප්පත් මිනිසුන් තෝරන ක්‍රමය මොකක්ද. ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුව ඒකයි
රනිල් කියන විදියට බය වෙන්න එපා. 2048 වෙනකම් ඉන්න.
අපිට යටින් 17ක් ඉන්නවා. ඉදින් ඔබලා ඊළඟ වතාවෙත් මට ඡන්දේ දෙන්න...
පිනාධිපතිට අනුව නම් අපි තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි. අපි හිඟන රටක් පමණයි....
රටේ ජනතාව බුද්ධිමත්ව මෙතෙක් කල් චන්දය පාවිච්චි කරපු නිසා තමයි ඔය ප්‍රතිපලය
ඔවු ඉතින් අපි දුප්පත් උනත් වංචා ,දූෂණ ,හොර මැරකම් වලින් පොහොසත්