IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආසියාවේ දුප්පත්ම ගොඩට ලංකාවත් වැටෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වී තිබෙන බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදු කර ඇත.ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.ශ්‍රී ලංකාවේ 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5555 ක් බව එහි දැක්වේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වෙනි ස්ථානය උතුරු කොරියාවට හිමි වී තිබෙන අතර 2021 වසරේ එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 කි.

දෙවන සහ තුන්වන ස්ථාන ඇෆ්ගනිස්තානයට සහ ටජිකිස්තානයට හිමිව තිබේ. එම රටවල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 1149 සහ 1561 ක් වේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ 20 වෙනි ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියාවට වන අතර එහි 2021 වසරේ එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7178 කි.

 



අදහස් (12)

ආසියාවේ දුප්පත්ම ගොඩට ලංකාවත් වැටෙයි

මැක්ස් Tuesday, 23 May 2023 12:23 PM

ඔය ගණනය කිරීම්වලට යොදා ගන්න නිර්ණායක ගැනත් හොයල බලන්න ඕන. කොහොම උනත් ලංකාවේ පාරවල යන නවීන වාහන, මිනිස්සු පාවිච්චි කරන ස්මාට් දුරකථන දැක්කම, තබාරුම්වල පෝලිම් දැක්කම, බෝජුන්හල්වල කෑම කන්න ඉන්න සේනාව දැක්කම නම් මේක දුප්පත් රටක් ද කියල දෙසැරයක් තුන්සැරයක් හිතන්න වෙනවා. බණ්ඩාරවෙල ඉස්කෝලෙකට ආධාර දෙන්න ආපු සුද්දත් පුදුම උනේ එකනේ.

:       5       25

Yamuna KanthiTuesday, 23 May 2023 02:56 PM

ඔවු ඔබතුමා කියපු එක හරියට හරි

:       0       0

මොහොට්ටාල Tuesday, 23 May 2023 12:45 PM

මෙහි ගෞරවය නිදහසින් පසුව පාර්ලිමේන්තුවේ සිටි සියලු සමාජවාදීන්ට හිමිවෙනවා අන්සතු සැපතට ඊර්ෂ්‍යා කර පුද්ගලික අංශයේ විනාශය ඇතිකිරීමේ පුරෝගාමී රදල පංතියට දෙවැනි තැන දෙන්න පුළුවන් හරිම සතුටුයි අපේ හිටපු හා සිටින සියලු දේශපාලුවො නැවත නැවතත් සිරි ලංකාවේ ඉපදී මේරට ආසියාවේ දුප්පත් කමින් පළමු තැනටම ගෙන ඒවා

:       8       22

saman Tuesday, 23 May 2023 12:56 PM

මෙම ගණන් පිලිබදව නැවත සොයා බලන්න. ඒක පුද්දගල දළ දේ.නි වැඩිනම් ඒක හොද රටක්. එතකොට 931 වෙලා පළවෙනියා වෙලා

:       10       2

Akila Tuesday, 23 May 2023 01:13 PM

දශක පහක් පමණ මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු රනිල් සියා සහ මහින්ද සියා ගේ කෙරුවාව තමයි මේ

:       11       21

සූජිත් චමින්ද කස්තුරි Tuesday, 23 May 2023 01:23 PM

ලංකාවේ දූප්පත් මිනිසුන් තෝරන ක්‍රමය මොකක්ද. ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුව ඒකයි

:       1       14

සුරලොව ඇල්මන්ගේ Tuesday, 23 May 2023 01:52 PM

දුප්පත්කම තෝරන්නේ ලබාදෙන සහනාධාරය මත තමයි.. ලොකු ලොකු වාහන තියාගෙන ඉන්නේ කුලියට ගත්තු වාහන තමයි... එහෙම වාහන ඔවුන්ට අයිතිය නැති නිසා ඔවුන් ධනවතුන් කියන්න ලේඛන මොකුත්ම නැහැ. ඉතින් සමෘද්ධි දෙනවා 5000/= දෙනවා. තවතවත් ආධාර දෙනවා.. ඉතින් එම වාර්තා අනුව තමයි දුප්පතුන් තෝරන්නේ. තවත් එකක් තමයි ලංකාව මේ වනවිට ලෝකයට ණයවෙලා නොගෙවා තියෙන ණය ජනගහනයෙන් බෙදුවාමත් තීරණය කරන්න පුළුවන්...

:       0       0

ලුම්බිණි Tuesday, 23 May 2023 01:35 PM

රනිල් කියන විදියට බය වෙන්න එපා. 2048 වෙනකම් ඉන්න.

:       0       0

හින්ද රාජ Tuesday, 23 May 2023 04:34 PM

අපිට යටින් 17ක් ඉන්නවා. ඉදින් ඔබලා ඊළඟ වතාවෙත් මට ඡන්දේ දෙන්න...

:       0       0

Sunil Tuesday, 23 May 2023 07:39 PM

පිනාධිපතිට අනුව නම් අපි තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි. අපි හිඟන රටක් පමණයි....

:       0       0

Perera Wednesday, 24 May 2023 07:41 AM

රටේ ජනතාව බුද්ධිමත්ව මෙතෙක් කල් චන්දය පාවිච්චි කරපු නිසා තමයි ඔය ප්‍රතිපලය

:       1       0

Bunny Preena Wednesday, 24 May 2023 10:08 AM

ඔවු ඉතින් අපි දුප්පත් උනත් වංචා ,දූෂණ ,හොර මැරකම් වලින් පොහොසත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site