
ආසියානු රටවල් කීපයක ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි විදෙස් සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති.
මෙම නව ‘කොවිඩ් 19’ වයිරසය වැඩියෙන්ම ව්‍යාප්ත වන්නේ සිංගප්පූරුවේ සහ හොංකොංවල යැයි පැවැසෙයි. ඊට අමතරව, ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකින් සහ තායිලන්තයෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත.
මෙම නව ‘කොවිඩ් 19’ ප්‍රභේදය එල්.පී.8.1 යනුවෙන් නම් කර ඇති අතර, එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න දිලිත් ආයෙත් ඇන්ටිජන් ටිකත් ගෙනාවෑකි නේ
ඒකියන්නෙ බඩු හරි වගේ.
ඉතාම කණගාටුදායක ආරංචියක් – අපි පරිස්සම් වෙමු.