
(ටී.කේ.ජී.කපිල)
06 වන ආසියානු කැරම් අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා ගනිමින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය පසුගිය 27 - 01 දින දක්වා මාළදිවයින මාළේ නුවර දී ආසියානු කළාපයේ රටවල් 07 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
මෙම තරගාවලියේ දී " ස්විස් ලීග් " ඉසව්ව සදහා තරග කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක සයිඩ් හිල්මි එහි අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමක් දිනා ගැනීමට ද සමත් වී තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් සහ කණ්ඩායමේ පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා වත්මන් ලෝක ශූරතාවය හිමි කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම බවත් මීට පෙර අවස්ථා හතරක දී ලෝක ශූරතාවය දිනා ගෙන ඇති බවත් සදහන් කළේය, එළඹෙන නොවැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී එහි ශූරතාවය දිනා ගැනීම තම බලාපොරොත්තුව බව ද පැවසීය .

2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියා කැරම් අනු ශූරයෝ දිවයිනට