
(රංජන් කස්තුරි)
උපයනවිට බද්ද අඩුකරන්නැයි කුමනාකාර ඉල්ලීම් ආවද ඒවා ඉටුකළ නොහැකි යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවීමේදී ක්‍රියාත්මක විය යුතු පිළිවෙළක් තිබෙන බව ද අවධිමත් ලෙස බදු අඩුකළ නොහැකි බව ද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කීය.
ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලෝක සම්මත බැංකුමූල ධර්ම අනුව ක්‍රියාත්මක වන ආයතනයක් එම ආයතනය සමග ගිවිසුම් ගතවීමේදී පිළිවෙළක් තිබෙනවා. උපයනවිට බදු සම්බන්ධයෙන් කවර ඉල්ලීමක් කළත් අවිධිමත් ලෙස බදු අඩුකිරීමට හැකියාවක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට විනාශ කළ සහ බංකොලොත් කළ දේශපාලකයන්ගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අයථා ඉපැයීම් එසේම සිදු වෙද්දී තම වියදම් හා ගෙවීම් සඳහා මාසයක් මහන්සි වී වැඩකරන ජනතාව ලබන වැටුපෙන් කොටසක් බදු ලෙස මංකොල්ල කෑම ඉතාම වැරදියි .වැටුප කියන්නේ ලාබයක් නෙමෙයි. තම වියදම් හා ගෙවීම් සඳහා ලැබෙන මුදලක් පමණයි
බදු වැඩිකරනව විතරයි.
පසුගියකාලෙ මහ බැකුව මහ දවල් මංකොල්ල කෑව කියල රනිල්ට චෝදනාකල බන්දුලද දැන් මෙහෙම කියන්නෙ. දැන් රනිල් ජනාධිපතිනෙ. ඔහුට විරුද්ධව කට හොලවන්නෙම නෑ.