IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ආරවුල විසදන්න අධිකරණයේ පිහිට පතයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, යුක්රේනය සහ රුසියාව අතර ආරවුල විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ඉහළම උසාවිය වන ජාත්‍යන්තර අධිකරණයේ රුසියාවට විරුද්ධව නඩුවක් ගොනු කර ඇත.

‘යුක්රේනය සමූල ඝාතන සිදූ කළ බවට වැරදි මත ගොඩනමින් යුක්රේනයට පහරදීම සාධාරණීකරණය කිරීමට දැරූ උත්සාහයට රුසියාව අපි වගකිව යුත්තන් කරන්න ඕනේ, අපි ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලනවා රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන සියලුම යුද ක්‍රියාකාරකම් නවත්තන්න කියල ඉක්මන් තීන්දුවක් දෙන්න කියලා’ යැයි හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ රුසියාවට විරුද්ධව නඩුව ගොනු කිරීමෙන් අනතුරුව ට්විටර් හරහා පණිවිඩයක් නිකුත් කරමින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවැසීය.

මෙහිදී ජාත්‍යන්තර අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට  අපරාධ චෝදනා ගොනු නොකරන බව පැවසේ.දෙරටේ ආරවුල් පිළිබඳ නඩු ඇසීමට ජාත්‍යන්තර අධිකරණයට ස්වයංක්‍රීය අධිකරණ බලයක් නොමැති අතර එසේ නඩුව ඇසීමට එක්සත් ජාතීන්ගේ ගිවිසුමක් පදනම්ව චෝදනාව ඉදිරිපත් කළ යුතු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්න්කි රුසියාවට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කල නඩුවට මාර්තු 7 සහ 8 දෙදින ප්‍රසිද්ධියේ නඩුව විභාග කිරීමට නියමිතව ඇත.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දෙමුහුම් ක්‍රමයකට නඩුව විභාග කිරීමට නියමිතව ඇති අතර එහිදී නිලධාරීන් කොටසක් සජීවී ව නඩු විභාගයට සම්බන්ධ වීමට නියමිතව ඇති අතර තවත් කොටසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට නියමිත බව ජාත්‍යන්තර අධිකරණය පවසයි.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

ආරවුල විසදන්න අධිකරණයේ පිහිට පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 549 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site