(ඩයනා උදයංගනී)
ආරම්භ කළ ගමන ඉදිරියට යනවා මිස අතරමග නැවතී වෙනත් අපේක්ෂකයකුට සහය දැක්වීමක් කරන්නේ නැතැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.
වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනුවට මහත්මා දේශපාලනයක් ඇතිකර ජනතා විශ්වාසය දිනාගත් පාලනයක් ඇතිකිරීම තම අපේක්ෂාව බව ද ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.
දේශපාලනයක් නොව දේශ සේවයක් කිරීම තම අරමුණ බව කී මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයෙන් නොනැවතී ඉදිරි සෑම මැතිවරණයකටම වඩාත් සුදුසු කණ්ඩායමක් ඉදිරිපත් කරමින් ඉදිරියට යන බව ද පැවසීය.
මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි ජාතික ජනතා ව්‍යාපාර කාර්යාලයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලූ දෙනාට ඡන්දය භාවිතා කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරියේ දී ඇතිකරන බව කී මහේෂ් සේනානායක මහතා එවිට සමස්ත ජනතා කැමැත්තෙන් යුතු පාලනයක් රට තුළ ඇතිකළ හැකි බව ද කීවේය.
පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ එකම දිනක පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවට පැමිණීම 85% ක් අනිවාර්ය කිරීම ආදිය වෙනුවෙන් ද තම පාලනයක් යටතේ ක්‍රියාකරන බව හෙතෙම සඳහන් කළේය.
ආගමික නායකයින් විසින් ඉදිරිපත් කර ඇති සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් සඳහා වන නිර්ණායක පිළිගත හැකි එකම කණ්ඩායම තම කණ්ඩායම බව කී මහේෂ් සේනානායක මහතා සෙසු අපේක්ෂකයින් වටා සිටින අය අනුව පිළිගත නොහැකි බව ද කීවේය.
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, ජෙනරාල් ඇන්ටන් විජේන්ද්‍ර යන මහත්වරුන් ද මෙහිදි අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපේ ප්‍රණාමය..!!!
ඔබේ ගමනට මගේ සුබපැතුම්...!!! හැබැයි, වැඩේ ලේසි නෑ. අපේ ජනතාව වැඩි දෙනෙක් කැපුවත් එක එක පාට ලේ ගලන කට්ටිය... නාගානන්දගේත්, අජන්තාගේත්, රොහාන්ගේත් සහාය ඇතුව යන්න හැකිනම් හොඳයි. අනුර කුමාර ඔබට පක්ෂ කරගත හැකි නම් සැබෑ විකල්පයක් බිහිවෙනවා.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලූ දෙනාට ඡන්දය භාවිතා කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරියේදී ඇතිකරොත් හොඳයි. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය ලංකාවට නුසුදුසු ක්‍රමයක් කියා සිතමි. ලංකාව භෞතිකව මෙන්ම මානසිකවද කෑලි වලට කැඩෙන ක්‍රමයක්. දැනටම ඉරිතැලී ඇත. ආර්ථික අතින් යම්කිසි ප්‍රතිලාභයක් ඇති. නමුත් එය දීර්ඝකාලීනව තුන්වෙනි (සංවර්ධනය වෙමින් පවතින) රටක් ලෙස පවත්වාගෙන යන්න හොඳයි.
ඔබතුමාලට මුලින්ම තරඟ කරන්න තිබුනේ පාර්ලිමේන්තු මැතිවරණයට. මොකද එකේ ඉන්න කෑලි ටික හලන්නම ඕනි ඔබතුමාලා වගේ අය පත්කර ගැනීමෙන්. ජනාදිපතිවරණය යනු හැමවිටම දෙපැත්තක සටනක්. එහෙම එකකි ජනතාව ප්‍රධාන දෙකකින් එකකට ඡන්දය දෙනවා මිස වෙන මොකුත් කරන්නේ නැහැ.
නැගී සිටිය හැක එක්සත්වී...බෙදී ගියොත් රට යයි සුන්වී ......කාලය නාස්ති නොකර සතුරාගේ ශක්තිය හදුනාගෙන ශක්තිමත් විකල්පයක අවශ්‍යතාවය තේරුම් ගන්න. ඔහොම කනින් කොනින් මැතිවරණ කරලා වෙනස්කරන්න පුලුවනිනම් මේ මජර ක්‍රමය වෙනස් වෙලා ගොඩක් කල්.
නාගානන්දවත් කපාගෙන ආවේ එහෙම දාලා යන්නද? ගත්ත ඩොලර් කුට්ටියට හරියන්න කොන්ත්‍රාත් එක කරන්න ඕනනේ.
මේ රට වසර 71ක් ආපු වැරදි පාරෙන් මුදවාගෙන රට ගොඩනගන්න පුළුවන් විකල්ප බලවේගයක් දිනවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නිවැරැදි දැක්මක්, විනයක්, කැපවීමක් හා ධෛර්යයක් ඇති අදූෂිත දේශපාලන චරිතය ජවිපෙ නායක ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පමණයි.
විකල්පය එකතු වී මේ රටේ ගමන්මග වෙනසක් කිරීම ජනතාවගේ ප්‍රාර්ථනයයි.
තරගය තියෙන්නේ තුන් දෙනෙක් අතර. පොහොට්ටුවේ ගෝටා, එජාපෙ සජිත් හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක. ඒ තුන් දෙනාගෙනුත් පොහොට්ටුව අලියා එකම පිලක. අනුර විකල්ප පිලේ. විකල්පයේ වඩාත්ම උගත් දුෂණ වංචා චෝදනා නැති රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අපේක්ෂකයා අනුර. බුද්ධිමත්ව කල්පනාකර අනිකුත් විකල්ප අපේක්ෂකයින් අනුර කුමාර මහතාට සහයෝගය දෙන්න.
මෙයා ඇවිත් ඉන්නේ සැබෑ විකල්පයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වැළැක්වීමටයි.
අනුරට කඩේ යන උදවිය කියන්න ඉස්සරලා අපේ පැත්තේ හිටියා තෙල්බෙහෙත් වෙළෙන්දෙක් පොල්තෙල් පාට දාලා විකුණන්නේ.. පැයකින්, දෙකකින් විකුණලා ඉවරයි. හැබැයි පාරේ සද්දේ දැම්මට සුරුට්ටු කඩයක්වත් හරියට කරගන්න බැරිවුණා.