(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2019 න් පසු ලංකා ආර්ථිකයට සිදු වූ ගැටලුකාරී තත්ත්වය ගැන පරීක්ෂණ කරන්නට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කර කතානායකට දුන් ලිපියට සිදු වූයේ කුමක් දැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය.
අදාල යෝජනාව බාර දී බොහෝ කලක් ගත වුණත් මේ වන තුරුත් කිසිදු විසඳුමක් ලැබී නැතැයි කී රාජකරුණා මහතා මූලික වගකියන ස්ථානය පාර්ලිමේන්තුව වන හෙයින් මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටින බවද පැවසීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවැසුයේ අදාල යෝජනාව පක්ෂ නායකයන්ට යොමු කර තිබෙන්න අතර පක්ෂ නායකයන් කතා කර තීන්දුවක් ගනු ඇති බවයි.
COMMENTS