
(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථික තුවාලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් තව ටික දිනකින් සම්පූර්ණයෙන්ම සුව කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
තුවාලයකට උනත් බෙහෙත් දානවිට වේදනාවක් දැනෙන බව කී විජයවර්ධන මහතා මේ වන විට රටේ ආර්ථිකය නමැති තුවාලය සුවපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා බෙහෙත් දමමින් සිටින බව සඳහන් කළේය.
ඉදිරියේදී ආර්ථිකය සුවපත් වූ විට ජනතාවට මීට වඩා සහන ලබාදිය හැකි බවද රුවන් විජයවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය සැබෑව ජනරැළිය අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන මුකුත් නැතිවට කමක් නෑ, විදේශ ණය ගෙවන ක්‍රමය සහ කලවකවානුව කියනවද රටටම ඇහෙන්න ...
2027 සිට...!
ඔය අම්බලන්ගොඩ කැලුම් කියන මනුස්සයා මම කුඩා කල සිට දනිමි.. කළොත් කරන්නේ ඔය වගේ වැඩක්, උසාවියත් එක්ක සෙල්ලම් කරන්න ගිහින් මෙදාපාර නම් හොඳ පාඩමක් අනිවාර්යයෙන් ඉගෙන ගන්නා බව පෙනෙනවා...
අපට අවශ්‍ය පිනට කන්න නොවේ, දැනට දශක කිහිපයක් පිනට කපුවාට වන්දි ගෙවන්න මුළු ලංකාවටම සිදුවී ඇත. අපට අවශ්‍ය රජයේ පරිපාලන වියදම් අවම වශයෙන් 30% පමණ අඩු කරගෙන, රාජ්‍ය සේවය ප්‍රතිවියුහගත කර ජනතාවට හොඳ කාර්යෂම රාජ්‍ය සේවයක්, අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ වැනි දේවල්ය. මේ කිසිම දෙයක් කරන්න තබා අවශ්‍ය සැලසුම්වත් සකස් කර නොමැත. ලබන පාරත් 3% ම තමා..
ඔව් ඔබලාට තියෙන තුවාලයේ අමාරුව හොඳවෙනවා. ඡන්ද ප්‍රථිඵලය එනකොට එතකන් පාස්කු ප්‍රහාරයේ තවත් කෙනෙක් තමයි.. හිරේ යවන්න ඕනෑ...
ආර්ථික තුවාලය තව ටික දිනයි? කාටද? පොදු ජනයාට නම් ඒ වගක් පෙනෙන තෙක් මානයේ නැහැ.. හොරාකාලා පුරුදු අයට නම් ඡන්දයෙන් පස්සේ එහෙම වෙයි කියලා හිතෙනවා ඇති...
ඔව් ඔව් මේ රටේ තියෙන ලොකුම තුවාලය තමයි රනිල් කියන්නේ. ඒ තුවාලය තව මාස කිහිපයකින් ඉවරේටම ඉවරයි...!!
රනිලුයි, ආණ්ඩුවයි ගෙදර යා යුතුයි.
ඇයි අපච්චේයේ ලෙඩා මැරෙනවද?