(බී.ජී. චතුරංග)
දෙස් විදෙස්, බෞද්ධ, අන්‍යාගමික, විවිධ ජාතිකයන් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් මේ වන විට වන විට පරිත්‍යාග කර ඇති නිසා රජයෙන් වෙන් කළ ලක්ෂ 31ක මුදලෙන්, තඹ දොයිතුවක් වත් මෙම උත්සවයට අවශ්‍ය නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහර, සති පිරිත් දේශනාව ඇතුළු ආගමික වැඩ සටහන් සඳහා ඇස්තමේන්තු ගත මුදල ලක්ෂ 225 යි, ඉතුරු ලක්ෂ 150කට වැඩි මුදල කෙසේ හෝ සොයා ගෙන හැකි උපරිම අයුරින් මිහින්තලාව ආලෝකමත් කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසූහ.
මූල්‍ය කළමනාකරණය පිළිබඳව සිඟාලෝවාද සූත්‍රය මගින් බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කර ඇති බවත්, ආර්ථික ඝාතකයන් ලෙස හඳුන්වන පුද්ගලයන් මූල්‍ය කළමනාකරණය සංඝරත්නයට ඉගැන්විය යුතු නැහැ
දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, විවිධ ජාතිකයන්, විවිධ ආගමිකයන් මිහින්තලාවේ පොසොන් උත්සවය සඳහා හැකි පමණින් තම දායකත්වය ලබා දී තිබෙනවා, ඒ අතර ආදිවාසි ජනතාවද සිටිනවා, පිරිසක් දෙවුන්දර තුඩුවේ සිට චාරිකාවකින් පැමිණෙන්න සූදානම් වෙලා සිටිනවා, කොළඹ කැස්බෑවේ පදිංචිකරුවකු වන ආනන්ද මහතා ඔහුගේ පදනමින් චාරිකාවකින් පැමිණ පරිත්‍යාගයක් කිරීමට සූදානම්.
මිහින්තලා පුද බීමේ පැවති මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ මේ බව පැවැසූහ.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ ආර්ථික ඝාතකයන්ගේ පාඩම් අපට අවශ්‍ය නෑ‘‘
semaris Monday, 29 May 2023 02:25 PM
දැන් ඉතින් මෙතනත් තියෙන්නේ අනෙකා කෙරෙහි වෛරය වපුරවමින් තරඟ කිරීමක් නෙව්යිද අපේ හාමුදුරුවනේ . තවත් ඥානසාර කෙනෙක් නොවී බුදුරජානන් වහන්සේගේ අපරිමිත කරුණා ගුණය සිහිපත් කරගෙන නිහඬව තමන්ගේ අරමුණ කර වැඩියනම් තමා වටිනාකම
Bamunuarachchi Monday, 29 May 2023 05:21 PM
ඔය ලයිට් දමන්න වැඩේ බොරු වැඩක්... බදු මුදල් ඔව්වාට දෙන්න බැහැ.
මූ පිස්සෙක් Monday, 29 May 2023 05:42 PM
ආර්ථික ඝාතකයෝ කවුද කියලා මාත් හොයහොයා හිටියේ...
Sunil Monday, 29 May 2023 07:46 PM
කොතරම් වැදගත් වුවත් ආගමික කටයුතු සඳහා මේ කාලකණ්ණි රජය මත යැපෙන්න එපා...
Sisira Kumara Tuesday, 30 May 2023 04:53 AM
මිහින්තලය මෙතරම් වියදමක් දරා ආලෝකමත් කරනවාට වඩා බෞද්ධ ප්‍රතිපත්ති තුලින් මිනිසුන්ගේ හදවත් අලෝක කරන එක නේද හාමුදුරුවනේ වටින්නේ. මෙව්වා ඔක්කොම සාසනයෙන් බැහැර විගඩම්.
SemarisTuesday, 30 May 2023 03:40 PM
සිසිර මහතා සමග මා එකඟයි . සාමාන්‍ය වියදමක් දරා ආලෝකමත් කලාට කමක් නැහැ . නුමත් ඕනවට වඩා දඟලන්න අවශ්‍ය නැහැ . මේ වියදමෙන් සියයට 25 ක් වියදම් කරල දුප්පත් පාසලකට පුස්තකාලයක් හදන්න එහෙම නැතනම් දුප්පත් ගමක පවුල් දෙකකට ගෙවල් දෙකකක් හදල දෙන්න , මහරගම පිලිකා රෝහලේ වාට්ටු දෙකක රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ටික අරන් දෙන්නකෝ . ඇත්තටම් ඒවා වටිනා වැඩ . නිකන් බොරු ශ්‍රද්ධාවක් පෙන්නලා . එක එක්කෙනාගේ ලොකු කම් පෙන්වීමක් තමයි මෙතන වෙන්නේ . වෙනකක් තියා එදාට මෙතන දන්සැල් දෙන්නෙත් තරඟයට . කසිප්පු බීපු අය්යල තමයි දන්සල් වල වැඩිපුර රඟන්නේ . බුදු දහම කියන්නේ ඊටම වටිනා දර්ශනයක් නමුත් එය ප්‍රගුණ කරනවා වෙනුවට වැඩිදෙනෙක් කරන්නේ බහු බුත ඔතන එක අවුරුද්දකට පඬුරු මුදල් කියක් නම් එකතුවෙනවද? ඒවාට මොකද වෙන්නේ කියලත් කියනවනම් හොඳයි