(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආර්ථික ඝාතකයන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති හෙයින් තේරීම් කාරක සභාවෙන් ඵලක් නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථික ඝාතකයන් හොයාගන්නට පත්කළ තේරීම් කාරක සභාව මගින් තවදුරටත් පාර්ලිමේන්තුවේ කාලය මුදල් නාස්ති නොකර එය නතර කරන්නැයි ඉල්ලා සිටින බවද අනුර දිසානායක මහතා කීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දීර්ඝ දවසක් මේ පිළිබඳව සාකච්ඡා කොට කරුණු ඉදිරිපත් කර තීන්දුව ලබාදී ඇතැයි ද දිසානායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික ඝාතක කියන කුලකයෙන් ජ.වි.පෙ. ට ගැලවෙන්නත් බෑ.. 80 දශකය අග රටට කළහානි කොපමණද? වර්ථමානයේ විශ්ව විද්‍යාලය තුළ කරන අකටයුතු, එක එක වෘත්තිය සංගම් හදාගෙන වැඩ වර්ජනවලින් කරන හානි. මේ සේරම ආර්ථික ඝාතන තමයි. දැන් අනුන්ට ඇඟිල්ල දික් කරනවා.
තේරුමක් තියෙන යෝජනාවක්...
අනුර අයියේ, 1971 ඉඳලා මේ වෙනකම් ආණ්ඩු බලයක් ගන්න තරම් වත් උපායක් දන්නැති ඔයාලා කොහෙද මේ රට හදන්නේ...? ඔයාලා දන්නේ ට්‍රාන්ස්පෝමර් පුපුරවන්න..., බස් ගිනිතියන්න, මිනීමරන්න වගේ වැඩනේ...! .
දැන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ අධිකරණ තීන්දුව අනුව මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමයි.
අධිකරණ තීන්දුවක් දීලා තියෙද්දිත් ගොන් බයියන් කියන්නේ jvpය වැරැදියි කියලා.. මේ අය රටට සාපයක්...