
නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යෑමෙන් වළකින්නැයි කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය, සංචාරක උපදේශනයක් නිකුත් කරමින්, ඇමෙරිකන් පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.
තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙච්ච නිලධාරියෙක් දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරලා. ඇමෙරිකානුවො විතරක් නෙමෙයි හැමෝටම තම තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න වෙයි. අඩුගානේ අමාරුවෙන් ඔලුව උස්සපු සංචාරක කර්මාන්තය රැකගන්න ඕන නම් ත්‍රස්ත චෝදනා නැති නිලධාරියෙක් ඔය තනතුරට පත් කරන්න ඕන
ඇමරිකානු තානාපති කාර්යාලයට ඔය බුද්ධි තොරතුර අපේ බුද්ධි අංශ වලට ආවේ නැද්ද? එහෙම නැත්තන් ඒ ආපු තොරතුර තාම මේසෙ උඩද දන්නේ නෑ.... ලංකාව තුල ක්‍රියාත්මක උන ගොඩාක් යටිකූට්ටු වැඩ උනේ නම් ඇමරිකානු තානාපති කාර්යාලය තුල... සමහර වෙලාවට මේකත් එහෙම දෙයක් වෙන්න පුළුවන්