
(සුජිත් හේවාජුලිගේ )
බොහෝ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂකයන් ඔවුන්ගේ ගෙදර දොරේ වැඩටත් යොදවාගෙන සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළිවී ඇත.
එය එම පොලිස් නිලධාරීන්ට කරන අපහාසයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හෙරත් මහතා පැවසීය.
සමහර හිටපු ජනපතිවරුන් ආරක්ෂකයන් එකසිය හැට තුනක් ඉල්ලා ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම ප්‍රමාණ මේ රටේ ජනතාවට දරාගත නොහැකි බවද සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට පොලිසියේ එකසිය ගණන් අවශ්‍ය නැතැයිද හෙතෙම පැවසීය
අපිට ඒද බීද සීද කියලා වෙනසක් නැහැ. හැමෝට එක විදියටම සලකනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ පහසුකම් සොයා බැලීමට දැනටමත් කමිටුවක් පත්කර ඇති බව පැවසූ අමාත්‍යවරයා එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේලා ඔය විගඩම් නටලා එක නායකයෙක්ගේ හරි ජීවිතයකට හානියක් වුනොත් තමුන්ලගේ ජනප්‍රියතාව පිරිහෙන්න ගත්තුදාට යන්න වෙන රටක් හොයාගෙන තියාගත්තොත් හොඳයි. මොකද පූජාසනේ තියල පුදන එවුන් තමයි ඉස්සෙල්ලම ගල් ගහන්නෙ. බොරු එහෙමත් සෑහෙන්න කියලනේ ආවෙ. ඒවා මතක තියාගන්නව හොඳයි.
ඇමතිතුමා මේක ඉතාම හොඳ වැඩක් . අවශ්‍ය පමණට පමනක් ඒ අයට ආරක්ෂාව දෙන්න. කපුටාගේ බිරිඳගේ සරි කටුව ගහන්නත් හමුදා සෙබලියන් යොදාගත් බව ඒ කාලේ කියවුනා . ඒ වගේම ඔය හමුදාවල ඉහල නිලධාරිනුත් මිට සමාන මට්ටමේ වැඩ කරන බව ප්‍රසිද්ධ රහසක්නේ . එනිසා එයාලගේ වාහන අවභාවිතය හා හමුදා සොල්දාදුවන් ලවා නොයෙකුත් නිල නොවන කටයුතු සිදුකරවිමත් නවත්වන්න . දේශපාලකයින් මෙන්ම රජයේ සමහර නිලධාරිනුත් හරි හරියට රජයේ දෙපළ අව භාවිතා කිරීම මහජනතාව පිළිකුලෙන් හෙළාදකිනවා .
ඇමරිකාවේ හිටපු ජනාධිපතිටවත් නැති ආරක්ෂාවක් අපේ අයට මොකටද ?කරලා තියන මජර වැඩ නිසා මෙයාලා ආරක්ෂා වෙන්න හදන්නේ ලංකාවේ ජනතාවගෙන් ගුටි කන්න වෙන්න නිසා බව ඉතාමත් පැහැදිලියි
රිදෙනවා ඇති දැන්. කොහොමත් උඹලාට රටින් පනින්න දෙන්නේ නෑ. ජම්පරේ ඇඳගන්න ලෑස්ති වෙයන්
ඔය පොලිස් නිලධාරිනුත් දේශපාලකයින්ට කියලා ළමයි පාසල්වලට දමා ගැනීම, ඥාතීන්ට රැකියා කොන්ත්‍රාත් ලබා ගැනීම වැනි අකටයුතුකම් කළා.
ඔබතුමන්ලා සුදුසු දෙයක් කරන්න. ඔය හිටපු ජනාධිපතිලා වැඩි හරියක්ම බලයට පත්වුනේ ඔබතුමන්ලාගේ සහයෝගය ඇතිවයි.
ඕකම පන්සල් වලත් වෙනවා පන්සලට පුද්ගලික ආරක්ෂක අංශවලට ගෙවීමට ඕනෑතරම් ආදායම් තියෙනවා. වෙන රටවල මෙහෙම නාඩගම් නෑ...!