IMG-LOGO

ආරක්ෂක-මහජන ආරක්ෂක-මුදල් අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කෙරෙති

(සුජිත් හේවාජුලිගේ )

ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශවල  ලේකම්වරු එම තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් අද (11) සිට නැවතත් පත් කරනු ලැබ සිටිති.

මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න  මහතාද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්  මහතාද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ .එම්  මහින්ද සිරිවර්ධන මහතාද පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව  මෙම පත් කිරීම  කළ බවද  එම කාර්යාලය සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලය  අහෝසිවීමත් සමග  මෙම ලේකම් ධූරවල බලතලද අහිමිවිය. 



අදහස් (5)

ආරක්ෂක-මහජන ආරක්ෂක-මුදල් අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කෙරෙති

සීරුවෙන් සීරුවට... Wednesday, 11 May 2022 03:56 PM

හමුදාව සීරුවෙන් සීරුවට... පියවරෙන් පියවරට... ආයිත් රටේ උද්ඝෝෂණයක් ඇතිවුණොත් කවුුරුවත් අස්ථාවර රජයකට මොන රටකින්වත් ණය මුදලක් දෙන්නේ නැත....!

:       2       20

Lalla Wednesday, 11 May 2022 03:56 PM

ලොම් හැළුණු නාකි නැතිව පණ තියෙන රාජ්‍ය පරිපාලන නිලධාරීන් ලංකාවේ නැතිද? හරිම දුකයි...

:       7       23

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 May 2022 05:16 PM

අරලියගහ මන්දිරයේ සිට සංවිධානය වී ගොස් සාමකාමී අරගල ස්ථාන දෙකට පහර දුන් පොහොට්ටු මැරයින්ගේ පහරදීම සිදුවීමට ඉඩහැරීම හා එය වැළැක්වීමට නොහැකිවීම නිසා ආරක්ෂක ලේකම් එම තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු නොවේ. ඒත්, තවත් වරක් ඔහුව පත්කොට ඇත.

:       2       13

මුදියන්සේ... Wednesday, 11 May 2022 05:54 PM

අමාත්‍යාංශයන්හි ලේකම් ධූර සදහා විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරීන් නොව රාජ්‍ය පරිපාලනය පිළිබඳ අත්දැකීම් සහිත දැනට රාජ්‍ය සේවාවෙහි නිරත පරිපාලන නිලධාරීන් පත් කිරීමට පියවර ගත යුතු අතර එය දැනට රාජ්‍ය සේවාවෙහි කඩා වැටීම නිවැරැදි කිරීමට හේතු වනු ඇත.

:       1       7

ඉන්දික Wednesday, 11 May 2022 06:48 PM

ඇත්තටම දීප ව්‍යාප්ත සේවා එකොළහක් පමණ තියෙද්දී සියලුම අමාත්‍යාංශ සඳහා පරිපාලන සේවයේ අය හෝ වෙනත් අය පත්කරන්නේ ඇයි? මුදල් අමාත්‍යාංශ සඳහා ගණකාධිකාරි කෙනෙක් සැලසුම් අමාත්‍යාංශ සඳහා ක්‍රමසම්පාදන සේවයේ කෙනෙකු කෘෂිකර්ම අමාත්‍යාංශ සඳහා කෘෂිකර්ම සේවයේ කෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහා එම සේවයේ කෙනෙක් පත්කළොත් (සුදුසුකම් හා හැකියාව ඇත්නම් පමණක්) එම සේවාවල නිලධාරින් දැනට වඩා කාර්යක්ෂම වේවි.. පරිපාලන සේවයේ සමහරක් නිලධාරිනීන්, තමා 3වැනි පංතියේ සිටිමින් දෙවැනි පංතියේ ගණකාධිකාරීන් සැලසුම් නිලධාරින් සංවිධාන සටහනේ පවා පහත්කොට සලකන තත්වයක් පැවතීම නැවැත්වීමට, එලෙස පහත්කොට සැලකීම නිසා අකාර්යක්ෂම තත්වයක් ඇතිවීම වළක්වා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකළ හැකියි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 552 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 977 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site