IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක ප්‍රධානීන්ගේ සේවය දිගු කරයි

(අංජුල මහික වීරරත්න)

සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටද සේවා දිගුවක් ලැබී ඇත්තේ ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පදනම් කරගෙනයි.

දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති ත්‍රිවිධ  හමුදාපතිවරුන් සහ සියලු ආරක්ෂක ප්‍රධානීන්ට ජනාධිපතිවරයා ගත් මෙම තීරණයත් සමග ලබන දෙසැම්බර් මාසය වන තෙක් ඔවුන්ගේ තනතුර බලාත්මක වන්නේය.

ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යාමට පහසුවක් වනු පිණිස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.



අදහස් (8)

ආරක්ෂක ප්‍රධානීන්ගේ සේවය දිගු කරයි

Saman Dissanayake Monday, 10 June 2024 04:20 PM

දක්ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දෙවියන්ගේ පිහිටයි.

:       7       16

Lalith Monday, 10 June 2024 05:59 PM

ඔය ගමන්ම ජනාධිපතිගේ සේවා කාලයත් දිගුකරන්න ?

:       0       1

Nimal 1 Monday, 10 June 2024 06:35 PM

ආරක්ෂික ප්‍රධානීන්ගේ සහ සුවච කීකරු නීතිපතිගේ පිහිටෙන් මේ මාස තුන හතර ඔහොම අල්ලන් යමු

:       0       2

PATTA hora Monday, 10 June 2024 06:41 PM

මොන ජිල්මාට් දැම්මත් පිනෝ, තමුසෙගේ කාලේ දික් වෙන්නේ නෑ. ගෙදර නෙවෙයි මහ උළු ගෙදරට තමයි යන්න වෙන්නේ.

:       1       3

PATTA hora Monday, 10 June 2024 06:49 PM

ජනාධිපති වරණය යෝජිත අවස්ථාවක තමුන්ට හිතවත් යැයි හැඟෙන රජයේ සේවකයන්ට ( නීති පති ඇතුලු ව) සේවා දිගු දීමෙන් මේ පිනා බලාපොරොත්තු වෙන්නේ, කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි දිනන්න. මේ 1987 නෙවෙයි, 2024

:       0       3

අරවින්ද මොනරවිල Monday, 10 June 2024 06:50 PM

නීතිපතිගේ කාළය දික් කරන්න උත්සාහ කරන ගමන් මෙහෙ හමුදා නිලධාරින්ගේ කාලයත් දික් කරනවා. ජනාධිපතිවරණයට හමුදාවේ සහය අනීතිකව ලබා ගෙන ඡන්ද වංචා දූෂණ පහසුවෙන් කරගන්න උත්සහ කරනවා ඇති. බැරිවෙලාවත් දූෂිත මැතිවරණයක් හරහා ජය ගතහොත් ඇතිවන නෛතික ප්‍රශ්ණ වලට නීතිපතිගේ සහය ලබා ගන්න පුළුවන් වෙන්න නීතිපතිටත් නීති විරෝධී ආකාරයට සේවා දිගුවක් ලබා දෙන්න උත්සහ කරන බවයි පෙනෙන්නේ. කවුරු හරි ළග සිටින අයෙක් මේ මහළු මිනිසාට කියලා දෙන්න. 1977 - 1994 කාළයේ දැම්ම සෙල්ලම් දැන් දාන්න බැහැ කියලා.

:       1       1

Abhishek Kohona Tuesday, 11 June 2024 08:09 AM

ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සේවය දීර්ඝ කිරීම විශිෂ්ට තීරණයක්

:       4       2

kotiya Wednesday, 12 June 2024 05:02 AM

යුද්ධය අවසාන වෙනකන් කියලා මහින්දයි ගෝඨාභයයි එකතු වෙලා සරත් ෆොන්සේකාට සේවා දිගුවක් ලබා දුන්නානේ. ඒ ශාන්ත කෝට්ටේගොඩව කලින් විශ්‍රාමත් යවලා. මොකද ශාන්ත කෝට්ටේගොඩ හිටියානම් සරත් ෆොන්සේකාට විශ්‍රාම යන්න වෙන්නේ හමුදාපති නොවී. අන්තිමට සරත් ෆොන්සේකා යුද්ධෙත් ඉවර කරලා මහින්දටයි ගෝඨාභයටයි තුත් ඇරලා මහින්දයි ගෝඨාභයයිතුත් ෆොන්සේකාට ඇරලා පට්ට ඩ්‍රාමා එකක් පෙන්නලා ඉවර උනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17857 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 761 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site