(සුජිත් හේවාජුලිගේ )
රටපුරා ආයුර්වේද රෝහල් ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට රජයේ අනුමැතිය හිමි වී ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන සහ ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය .
මේ අනුව රාජගිරිය ආයුර්වේදරෝහල නාවින්න ආයුර්වේද රෝහල ඇතුළු රට පුරා සියලු ආයුර්වේද රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ඉදිරියේදී පරිවර්තනය කරන බව රාජ්‍ය ඇමතිවරයා කීය.
මෙහි මුල් අදියර යටතේ බොරැල්ල ආයුර්වේද රෝහලත් නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයත් පල්ලෙකැලේ ආයුර්වේද රෝහලත් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගන්නා බව සිසිර ජයකොඩි මහතා පැවසුවේය.
ආයුර්වේද රෝහල් වලට යොමු කෙරෙන රෝගීන් සඳහා දේශීය ඖෂධ සැපයීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි.
රට පුරා සියලු ආයුර්වේද රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කරන්නැයි විවිධ අංශවලින් රජයට ඉල්ලීම් ගණනාවක් ලැබී තිබිණ .
රටපුරා ආයුර්වේද ප්‍රධාන රෝහල් තිහකට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ඉඳන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට තිබ්බ විශ්වාසය සහ ගෞරවය තව වැඩි වෙන්නේ මේ වගේ හරවත් තීරණවලින් මිසක් කට්ටඩි බෙහෙත් බොන්න කියලා නෙමෙයි...
අත්‍යාවශ්‍යම කාලොචිත පියවරක්. මෙය සාර්ථක වුවහොත් විශාල ප්රතිලාභ රැසක් අපට ඉදිරියේ ලැබෙයි. දැනට සියළු දේශීය වෛද්‍ය රෝහල් කොරෝනා ප්‍රතිකාර සඳහා විවෘත කළයුතුයි.
මේ පාර පැණි නැද්ද?
පැණිය දෙන්නද අදහස් කරන්නේ.
මම හිතුවේ දැන් අවුරුදු දෙකක් විතරම කෝවිඩ් තිබුණු නිසා ඒවායේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර කරනවා ඇති කියල තවම පෙරුම් පුරනවා. දැන් අර පරීක්ෂා කරන්න දීපු පැණි කසාය වාර්තා ඇවිල්ලා කොවීඩ් වලට දෙන්න කීයක් විතර අනුමත කරල තියෙනවාද දන්නේ නැහැ. ඒහෙම නැත්නම් ඒ සාම්පල් කුණුවෙලා විසිකරලා අලුතෙන් සාම්පල් දෙනකන් බලන් ඉන්නවාද කියල කියනවාද ඇමතිතුමෝ.
ඉතාම වටිනා පුවතක්... අපිට තියන එකම පිහිට දේශීය වෙදකමයි
මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒත් ආයුර්වේද ඖෂධ විතරක් නෙමෙයි. කොරෝනාවලට නියම ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම පුහුණු දොස්තර මහතුන් හෙද සේවාවන් සමග නම් තවත් හොඳයි නේද.
ධම්මික පැණිය පාවිච්චි කරන්නෙ නැහැනෙ. එහෙනං කමක් නෑ.
දේශපාලකයන්ට කියන්න තියන්නේ මින්ස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියල .
අපට දේශීය වෙදකමේ පිහිට විතරයි කියල කියන මහත්වරුන්ට මම කියන්න තියෙන්නේ මෙච්චරයි ඔය බෝඩ් ගහගෙන ඉන්න දේශීය හරි ආයුර්වේද හරි වෙද මහත්තයෙක් සනීප කරා කියන ( ඉබේ සනීප වීම අදාළ නැහැ ) 1 ) කොරෝන ලෙඩෙක් 2) ඩෙංගු ලෙඩෙක් 3) පිළිකා ලෙඩෙක් ඉන්නවා නම් මට කියන්න මොකද මම නොදන්නා හින්ද අහන්නේ . එහෙම නැත්නම් කොරෝන හරි ඩෙංගු හරි හැදුනම පැරසිටිමෝල් පෙත්තක් වත් නොබී කසාය , ගුලි , පැණි බීල සනීප වෙලා පෙන්නන්න
එක්කෙනෙක් කියනවා " සියලුම දෙනාට එන්නත ලබාදීම තමා එකම පිළියම" කියල. මෙයා කියනවා " කැඳ පෙව්වහම වැඩේ ගොඩ" කියල.