IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආයුර්වේද පනත ගැන ඇමතිගෙන් සහතිකයක්

 

(අංජුල මහික වීරරත්න)

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනත් කෙටුම්පතේ නැතැයි  දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

 වසර දහස් ගණනක් පැරණි උසස් චිකිත්සක ක්‍රමයක් වන පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානිවන කිසිවක් කරන්නට ආණ්ඩුව සූදානම්  නැතැයිද ජයකොඩි මහතා කීය.

ආයුර්වේද පනත් කෙටුම්පත  කඩිනමින් කළ සංශෝධනයක් නොවන බවත් දැනට වර්ෂ එකහමාරක සිට දීර්ඝ පුළුල් සාකච්ඡාවක් කර නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා  කීවේය.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6) පැවති ආයුර්වේද පනත පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි  මහතා මේ බව සඳහන් කළේය.

ආයුර්වේද පනත 1961 අංක 31 යටතේ ස්ථාපිත දැනට වර්ෂ 62 කට පෙර පාර්ලිමේන්තුවේ අනුමත කළ පනතක් බවද මෙය දීර්ඝ කාලයක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ  සහ සමස්ථ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව සංවාදයට ලක් කරමින්  අලුත් පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදුකළ බවද රාජ්‍ය  අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.



අදහස් (0)

ආයුර්වේද පනත ගැන ඇමතිගෙන් සහතිකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site