
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳා ගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයින් සහ එම ක්ෂේත්‍රයේ නිරත සියලුම නිෂ්පාදකයින්ට “ජනාධිපති රන් සම්මාන” ලබාදීමේ වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කෙරෙමින් තිබෙන අතර ඉදිරි මාස කිහිපය ඇතුලත එය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමා 2023 වර්ෂය වෙනුවෙන් 2022 අයවැය මගින් යෝජනා කළ කංසා වගාවට මොකෝ වුණේ...? ඒක තවමත් තහනම් ද්‍රව්‍යයක්ද අහන්න කැමැතියි ජනාධිපති රන් සම්මාන දීමත් එසේ නොවේවා ඔය බෙහෙත් හදනකොට ඒවායේ ප්‍රමිතිය බලන්න මොකද සාමාන්‍යයෙන් තලතෙල් වලට වතුර වැටුණාම කිරිපාට වෙනවා... ඒත් ලංකාවෙ එක් කොම්පැනියක එහෙම වෙන්නේ නැහැ අපි පාසලේදී උගත් දේවල් වරදින්න බැහැ තවත් දෙයක් මීපැණි කියලා දෙන්නේ සීනි වලින් හදා එවන දේවල් කියන්න පුළුවන් නිසි ප්‍රමිතියකින් හදන දේවල් සඳහා සම්මාන දුන්නාට වරදක් නැහැ. ඒත් නගරවල සිංහල බෙහෙත් කඩ තියෙනවා. අපි ඉල්ලන බෙහෙත් නැහැ ඒත් රැවුල වවාගත් තරුණ පිරිස් සඳහා ඒවායේ මොනවාද නොදන්නා බෙහෙත් ඇති කියලා හිතෙනවා..!
එහෙනම් ගංජා මිල වැඩි කරන්නේ නැහැ නේද...?