(සුමිත් පොතුපිටිය)
කළුතර ,පලාතොට විජය ගම ප්‍රෙද්ශයේදී අද පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ පින්නදුව හේවාගේ අනුරුද්ධ ධනංජයද සිල්වා 27 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තරුණයා සිය නිවස පිටුපසදී පහරකෑමට ලක්ව ඇති බවත් , පහරදීම සිදුකල ස්ථානයේ විශාල ලේ පැල්ලම් දක්නට ලැබුණු බවත් පහරදීම සිදුකල පුද්ගලයා සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සදහන් කරයි.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් (SOCO ) , කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් , පොලිස් අභ්යා(ස විද්යාුලයේ නිළ සුනක මාකෝ ද යොදා පරීක්ෂණ සිදුකරන ලද අතර, මහේස්ත්රා්ත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබුණි.
පහරකෑ පුද්ගලයා ත්රී්රෝද රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි සදහන් වේ.
මෘතදේහය කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ජේයෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වා සහ උප පොලිස් පරීක්ෂක උපුල් හර්ෂ කුමාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd