(ඩයනා උදයංගනී)
රාජ්‍ය මාධ්‍ය ආයතන බදුමුදලින් නොයැපෙන තත්වයට පත් කළ හැකි කණ්ඩායමක් ඉදිරියේදී ඒවායේ ප්‍රධානීන් ලෙස පත්කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලේක්හවුස් ආයතනය, ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල මහජන බදු මුදලින් නඩත්තු කිරීමට සිදුව ඇතැයි කී ඇමතිවරයා ඒවා බදුමුදලින් නොයැපෙන තත්වයට වෙනස් කිරීමට තමාට අවශ්‍ය බව ද සඳහන් කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව කී ඇමතිවරයා ඒවා වෙත දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇතිකරගැනීමට හැකි පරිදි පුද්ගලික මිතුරුකම්වලින් තොරව සුදුස්සන් පත්කරන බව ද ප්‍රකාශ කළේය.
එහිදී ඇතැම් ආයතනයන්ට අලුත් අය පත්වීමට මෙන්ම සිටි අයම පත්වීමට ද ඉඩ ඇතැයි කී ඇමතිවරයා මාස තුනක් ඇතුළත එම අංශයේ සාධනීය වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන ගොඩගත හැකි අය අදාල තැන්වලට පත්කරනවා නම් යල මහ හදුනන ඒ ඒ භෝග වගා කලයුතු කාලය දන්නා තිලක් කන්දෙගම සූරීන් කෘෂිකර්ම ඇමතිවරයා ලෙසට පත්කල නොහැකි නම් එහි ඉහළම තනතුරක් සදහා පත්කර මේ රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන්න. එහෙම බැරිනම් අගමැතිවරයා කියන කමිටුවකට ඔහුව පත්කර රටට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් වහාම ඇතිකරන්න අතීතයේ තිබුනා වගේ ගම් මට්ටමේ ගොවි කාරක සභා ඇතිකරන්න.
සතොස සුදු ළූණු වංචා අමතක නොවන තවත් කළු ඉතිහාසයක්. සතොසට කරපු හානිය මේ ආයතනවලට කරන්න එපා...!
දැන් ඔහෙලට බැරිබව කාටත් තේරිලානෙ තියෙන්නෙ. පුළුවන් අයට දෙන්න මිනිස්සු බඩගින්නෙ තියන්නෙ නැතිව.
සුදුළුනු වික්ක වගේ දන්නෙ නෑ.
මෙයා ගහපු පදයකුත් නෑ, බෙරේ පලුවකුත් නැහැ. බැරිකම බැරිකම... බලමු මෙයාගේ මේ කියන බයිලා කොහොම වෙයිද කියලා..?
මොකද ඔය වැඩ වලට ගොබ්බසේනගෙ විශාමික ගෝලයො හොඳ නැද්ද?