ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය. ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදාය වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වෙයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපති කමලා හැරිස් අතරේ පසුගිය දා සජීවී විවාදයක් පැවැත්විය. එය ට්‍රම්ප් සහ කමලා අතරේ පැවැත්වුණු පළමු විවාදයයි.
එම විවාදය ඉතා උණුසුම් ස්වරූපයක් ගත්තේය. විවාදයෙන් පසු ට්‍රම්ප් පවසා ඇත්තේ, විවාදයේ දී තමන් හැරිස් පරාජය කළ බවය. තමන් හැරිස් සමඟ යළි විවාදයකට නොයන්නේ ද ඒ නිසා යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.
එසේ වුවත්, එම විවාදය සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුම්වලින් පෙනී ගොස් ඇත්තේ මිනිත්තු 90 ක කාලයක් තිස්සේ පැවැත් වුණු විවාදයේ දී වැඩි වාසි අත්වූයේ ට්‍රම්ප්ට නොව, හැරිස්ට බවය.
ට්‍රම්ප් චතුර කථිකයකු වුවත්, නීතීඥවරයක සහ නීතිපතිවරියක ලෙස ද පළපුරුද්ද ඇති උප ජනාධිපතිනී කමලා හැරිස්ට ට්‍රම්ප් සමඟ පහසුවෙන් වාද කළ හැකි විය. එය ට්‍රම්ප් අපේක්ෂා නොකළ දෙයක් යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කමලා හැරිස් ඉන්දීය සහිත තැනැත්තියකි. ඇගේ මව ඉන්දියානු කාන්තාවක වන අතර, පියා කළු ජාතික ඇමෙරිකානුවෙකි. හැරිස් නොවැම්බර් 5 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වන පළමු කාන්තාව වන්නේ ඇයයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
sameera Saturday, 14 September 2024 07:51 AM
කමලා හැරිස් ඉන්දීය සම්බවයක් ඇති තැනැත්තියකි. ??????
don Saturday, 14 September 2024 08:07 AM
කමලා හැරිස් ගේ පියා ජැමෙයිකානුාවෙක් ඔහු වැඩි දුර අධ්‍යාපනයට ඇමෙරිකාවට ඇවිත් ඇමෙරිකානු පුරවැසිකම ලබා ගත්තා