IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආබාධිතයන්ගේ උපකරණ වැට්  බද්දෙන් නිදහස් කරන ලෙස තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8)  පැවසීය

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ආබාධිත අයට සියයට තුනක කෝටාවක් වෙන් කරන්න කියලා හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා වෙනම චක්‍රලේඛයක් නිකුත් කළා. හැබැයි අද ඒක ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලනවා. පොදු ස්ථානවල ප්‍රවේශ අයිතිවාසිකම් අද ක්‍රියාත්මක වන්නේ නැහැ. ආබාධිත අයට රජය දෙන දීමනාව ප්‍රමාණවත් නැහැ. ආබාධිතයන්ගේ උපකරණ සඳහා පනවා ඇති ආනයන බදු ඉතා ඉහළයි. ඒ සම්බන්ධයෙන් රජයට දිය හැකි සහනය කුමක්ද. ආබාධිතයන්ගේ උපකරණ වලටත් වැට් එක ගහනවා කියලා ආරංචියි. ඒ උපකරණ වලට ගහන වැට් එක ඉවත් කරන්න කියලා මම ඉල්ලනවා.

ආබාධිත අයට බැංකු පහසුකම් ලබා ගැනීමට ඇති බාධා ඉවත් කරන්න. මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ රටේ ආබාධිත ප්‍රජාව ලක්ෂ  16 ක් ඉන්නවා. මේ ප්‍රශ්නයට විධිමත් පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.



අදහස් (0)

ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site