
(යොහාන් භාසුර)
ආබාධ සහිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනවල විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (19) පැවසීය.
ආබාධ සහිත ප්‍රජාව රජයේ සහ පෞද්ගලික අංශයේ මෙන්ම ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ලබන වසරේ (2024) සිට රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා ආබාධ සහිත වූවන්ද සෙසු සියලු දෙනා වගේම සියලු අයිතිවාසිකම් සහ සමානතාවයෙන් යුතු ජන කොටසක් ලෙස සමාජයේ ජීවත්වීම සඳහා අවශ්‍ය පණිවුඩය දියයුතු බව ද සඳහන් කළේය.
කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැති ආබාධ සහිත පුද්ගලයන්ගේ කලා උළෙලේදී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එසේ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් උලාකන බදු සල්ලි වලට සෑහෙන්න තරම් ටොයිලට් එකක් හදපන් හොරණ ට.