
(රංජන් කස්තුරි සහ මහින්ද නිශ්ශංක)
මාළු පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.
ඒ අනුව ශීතකළ මසුන් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපිය 400 ක හෝ සියයට 10 ක්ද උම්බලකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 302 ක්ද වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
පරිප්පු, කහ පරිප්පු සහ පියළි කළ මයිසූර් පරිප්පු කිලෝවක් සඳහා සත 25 කද ආදී වශයෙන්ද විශේෂ වෙළඳ භාණ්ඩ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
තවද මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 200කද විශේෂ වෙෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ වෙනස් කළ යුත්තේ ප්‍රමාණවත් පරිදි අදාල ද්‍රව්‍ය වෙළඳ පොලේ ප්‍රමාණවත් පරිදි තබේද යන්න පරීකෂා කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම නිෂ්පාදන පිරිවැය පිටරටින් ගෙනෙන භාණ්ඩ වලට වඩා අඩුවිය යුතුයි. නැතහොත් වාසිය අතරමැදියාට හා වෙලෙන්දාටයි. බදු වෙනස් කිරීමෙන් පසු නියාමනය වැදගත් වේ.
ලොක්කා මොනවා වැඩි කලත් කමක් නැහැ. යට කලිසම් වල බදු අඩු කලොත් අපි ඔක්කොටම ලොකු සහනයක්.
කොහොමද අසනීප...?
ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ගේන්නේ මොකටද? ඒවා සඳහා නම් තවත් බදු වැඩිකරන්න ඕනෑ. ලංකාව වටේම මුහුද... ඒත් ශීතකළ මසුන් ගේනවා ලංකාවේ තරුණයෝ කොරියාවේ මසුන් ඇල්ලීම රැකියාවක් හැටියට කරන්න යනවා... ලංකාවේ උම්බලකඩ හදන්න බැරිද? ලංකාවේ මැංගුස් හැදෙනවා ඒවා මොකටද ගේන්නේ (ලංකාවෙ මැංගුස් වවන්න දිරිමත් කරලා හොරුන්ට දඬුවම් කරන්න ක්‍රමයක් හදන්න)
පහුගිය කාලේ කන්කුන්, මුකුණුවැන්න ගෙනාපු කාලයකුත් තිබ්බා. අත්‍යාවශ්‍යම භාණ්ඩ නෙවෙයි ඕවා. වැඩිකළාම කමක් නෑ.